ශ්‍රියානි විජේසිංහ
-
විශ්‍රාමිකයින්ට දුන්න රුපියල් 3000ක විශ්‍රාම වැටුප් වැඩිවීමත් නවත්වන්න මැතිවරණ කොමිසම සූදානම්….
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතකදී ග්‍රාම නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් ලබා දීම , වක්‍රාකාරව ඔවුන්ට මේ මොහොතේ ලබාදුන් අල්ලසක් බැවින් මෙය වහාම අවලංගු කරන්නැයි ෆැපරල් සහ කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමට දැනුම් දී සිටියි.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොාහොතකදී විශ්‍රාමිකයන්ට රුපියල් 3000කින් සිය විශ්‍රාම වැටුප් වැඩිකිරිමටද මේ වන විට නතර කිරීමට අවශ්‍ය කටයුතු මැතිවරණ කොමිසම සිදුකර ඇති බවද පැවසේ.
කෙසේ නමුත් ග්‍රාම නිලධාරීන්ගේ විරෝධය හමුවේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මේ වන විට දේශපාලන මැදිහත් වීම මත ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ගැසට් කර ඇති බවත් මෙය නීති විරෝධි බවත් බවත් ග්‍රාම නිලධාරින්ගේ සංගම් පෙන්වාදේ.
මෙම ගැසට්ටුවට විරෝධය දක්වමින් හෙට (12) සහ අනිද්දා (13) යන දිනයන් දෙකේ දිවයින පුරා 14000ක් වූ ග්‍රාම නිලධාරින් වැඩ වර්ජනය නිරත වන බවත් හෙට දහවල් 12.00ට ඔවුන් සියල්ම දෙනා රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යංශය ඉදිිරිපිට පැමිණ විරෝධතාවක් පැවැත්විම කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්ත පැවසුවේය.
ලබන සතිය පුරා සියලුම ග්‍රාම නිලධාරීන් කළු ඇදුම් සැරසී සේවයට වාර්තා කිරීමත් ග්‍රාම නිලධාරී කාර්යාල අවට කළු කොඩි දමා සිය විරෝධය පල කිරිමටත් කටයුතු කරන බවත් ජාතික සංවිධායකවරයා පැවසුවේය.







