සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර 2ක් එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර 2ක් බිඳ වැටේ… ස්කෑන් එකක් කරගන්න මාස 08ක් දිග් ගැස්සුන පොරොත්තු ලේඛන….

by editor
අගෝස්තු 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 4 බිඳවැටිම හේතුවෙන් රෝගීන් මහත් දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ බිදවැටී ඇති යන්ත්‍ර අතර CT යන්ත්‍ර 2ක් සහ MRI යන්ත්‍ර 2 ක් තිබෙන බවත් මේවායේ සිදුකරන පරික්ෂණයන් රෝගීන්ට පිටතින් කිරිමට සිදුව ඇති බැවින් ඒ සදහා විශාල මුදලක් වැය වෙමින් ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි. බොහෝ විට මෙම අධික පිරිවැය රෝගීන් වෙතම පැවරීම හේතුවෙන් ඔවුන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති ආකාරය එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

MRI scan පරීක්ෂණයක් සිදුකරගැනීම සඳහා රෝගියෙකුට රෝහල් ගතවී දින හතරකට වැඩි කාලයක් ගතකළ යුතු වීමෙන් රෝගීන් මෙන්ම කාර්‍යමන්ඩලයද දැඩි අපහසුතාවයට ලක්වීමක් සිදුවී ඇත.

එසේම මේ වන විට MRI scan පරීක්ෂණ සඳහා සමහර සායනවල මාස 8ට වඩා වැඩි පොරොත්තු ලේඛන තිබෙන බව රජයේ විකිරණවේදීන්ගේ සංගමය පෙන්වාදේ.

අද වන විට ජාතික රෝහලේ ක්‍රියාකාරී තත්ත්වය පවතින්නේ MRI ස්කෑන් යන්ත්‍ර 2ක් පමණක් වන අතර එම යන්ත්‍ර මගින් විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් විසින් පැය 24 පුරා පරීක්ෂණ ඉටුකළද රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීමේ බරපතල ප්‍රමාදයක් ඇතිවන බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි.

බිඳවැටුණු MRI යන්ත්‍ර දෙකෙන් එකක් මාස 5 ක් සහ අනෙක් යන්ත්‍රය සති 3 ක කාලයක් මෙලෙස බිඳවැටී ඇති අතර CT ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් සති 4 ක් සහ අනෙක් යන්ත්‍රය දැනට දින දෙකක සිට බිඳවැටීම සිදුවී ඇති බවද හෙතෙම සදහන් කරයි.

CT scan පරීක්ෂණ සිදු කිරීම ද හදිසි පරීක්ෂණ වලට පමනක් සීමාකරමින් සිදු කරමින් පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යනු ලැබේ. මේ හේතුවෙන් CT පරීක්ෂණ සඳහා දින ලබාගත් රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම අවලංගු කිරීමට සිදුවී ඇත.

CT සහ MRI පරීක්ෂණ රෝගීන්ගේ රෝග හඳුනාගැනීම සඳහා අත්‍යවශ්‍ය පරීක්ෂණයක් බවට අද වන විට පත්ව ඇති අතර පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් රෝග ප්‍රතිකාර කිරීම, සැත්කම් සිදුකිරීම ප්‍රමාද වීම සම්බන්ධව පසුගිය කාලය පුරාම සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළත් මෙම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුවී නොමැති බව චානක ධර්මවික්‍රම කියයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීදුවේ පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට පිටපතක් හදලා දැයි සැකයක්!

Next Post

මනුෂ සහ හරීන් සජබෙන් පැන්නීමට පක්ෂය ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.