දිනසේන රතුගමගේ –
වවුනියාවේ මුස්ලිම් මහා විද්‍යාලයේ තරුණ ගුරුවරයෙකුගේ මළ සිරුරක් නෙලුකුලම් ප්‍රදේශයේ ළිඳක තිබී වවුනියාව පොලීසියේ නිලධාරීන් වීසින් අද (07) සොයාගෙන තිබේ.
මෙසේ මියගොස් අත්තේ එම පාසලේ තොරතුරු තාක්ෂණික විෂය උගන්වනු ලබන 27 හැවිරිදි එස්,ක්‍රිෂාන් නැමති තරුණ ගුරුවරයෙකි.
මියගිය ගුරුවරයා වවුනියාවේ වෙප්පන්කුලම අක්කර හැට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුගේ පාපැදිය පාවහන් යුගලක් හා කුඩයක් ළිඳ අසල තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙය සියදිවි හානි කර ගැනීමක්ද ඝාතනයක්ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරනය වී නොමැත.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මළ සිරුර වවුනියාව මහ රෝහල් වෙත රැගෙන ගොස් ඇති පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







