මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව අක්කරේපත්තුව සහ නීත්ත ප්‍රදේශවල එල්.ටී.ටී. ඊ. ත්‍රස්තවාදින් විසින් මුස්ලිම් ජාතික ගොවීන් 33 දෙනකු කපා කොටා ඝාතනය කර වසර 34 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ (06) අක්කරපත්තුව නගර ජුම්මා පල්ලියේදී විශේෂ මුස්ලිම් ආගමික පූජාවක් පැවැත්විණි.
1990 අගෝස්තු මස 06 වන දින අම්පාර දිස්ත්‍රික්කයට අයත් අක්කරපත්තුව හා නීත්ත ප්‍රදේශයන්වල එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මුස්ලිම් ජාතීක ගොවීන් 33 දෙනෙකු කපා කොටා ඝාතනය කරන ලදි.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් නිරායුධ සිවිල් මුස්ලිම් ගොවීන් තිස්තුන්දෙනෙකු ඝාතනය කර වසර34 ක් පිරිම නිමිත්තෙන් අක්කරේපත්තුව පරිපාලන කමිටුව හා අක්කරපත්තුව සුහදා අනුස්මරණ සංවිධානය, අඩ්ඩාලච්චන නැගෙනහිර ලංකා අරාබි විද්‍යාලයේ විදුහල්පති අෂ්රොෆ් ෂරසී ගේ ප්‍රධානත්වයෙන්, මුස්ලිම් ජනතාව සම්බන්ධ කරගනිමින් මෙම මුස්ලිම් ආගමික වැඩසටහන පැවැත් වූහ.
මේ සදහා මියගිය අයවළුන්ගේ ඥාතින් ඇතුළු ප්‍රදේශවාසීන් 125කට ආසන්න සංඛ්‍යාවක් මෙම ගුණ සැමරුම සඳහා සහභාගි වී සිටියහ.







