දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
එම ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවීමට විරෝධය පළකරමින් එහි සේවකයින් මෙසේ සේවා කටයුතුවලින් බැහැර වී ඇත.
මේ තත්ත්වය තුළ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන දුම්රියවල ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. .
දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවය.
පවතින තත්ත්වය හමුවේ තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වනු ඇතැයි ඔහු කිවේය.







