ලලිත් චාමින්ද –
පුද්ගලික මතය ඉදිරිපත් කිරීමේ හිමිකම දේශපාලනය තුළ ඇති බවත්, වැදගත් වන්නේ අවසානයේ පක්ෂයේ සාමුහික තීරණයට ගරු කිරීම බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් වැඩබලන නායක කෘෂිකර්ම රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පි ද සිල්වා පවසයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවට වූ අදහසේ සිටි මොහාන් ද සිල්වා පසුව පොදු ජන පෙරමුණ ලෙස පක්ෂයේ තීන්දුව පිළිගත් පසු ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ එම තනතුරෙන් ඉවත්කොට වැඩබලන දිස්ත්‍රික් නායක තනතුර සදහා මොහාන් පි. ද සිල්වා රාජ්‍ය ඇමතිවරයා පත්කොට තිබුණි.
මේ පිළිබද අප කළවිමසුමකදි රාජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය.
“අපි පොහොට්ටුවේ මිනිස්සු .අපි ගම්වලට ගියවිට අපේ මිනිස්සු කිවා අපේක්ෂකයෙක් දාන්නේ නැතිව ජනාධිපතිතුමාට සහයෝගය ලබාදුනහොත් හොදයි කියලා. ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ දි මමත් විරුද්ධව ඡන්දය දුන්නා අපේක්ෂකයෙක් දාන්න එපා කියලා. ජනාධිපතිතුමා කැදවපු රැස්විම්වලට ගියේ අපි ආණ්ඩුවේ ඇමතිවරු නිසා. ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන කථා කරන්න. තමයි ගියේ.”
“අපි රනිල්වාදින් නෙවෙයි.අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මිනිස්සු. නමුත් පක්ෂය තින්දුවක් අරගෙන තියෙනවා ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න. ”
“අපිට ගාල්ල දිස්ත්‍රික් නායක රමේෂ් පතිරණ ඇමතිතුමා සමග කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි රනිල්වාදින් නෙවෙයි.අපිට යු.එන්.පි.එකට යන්න බැහැ. පක්ෂයේ තින්දුව සමග වැඩ කරණවා යැයි ද මොහාන් පි.ද සිල්වා රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය. ”
මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙසින් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වෙනුවට එම දිස්ත්‍රික් නායක ධුරයේ වැඩබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂත්, ගම්පහ දිස්ත්‍රික් නායකත්වය දැරූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවට එහි වැඩබැලීමට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධත්, අමාත්‍ය කංචන විජේසේකර වෙනුවට මාතර දිස්ත්‍රික් නායකත්වයේ වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකත් පත් කර තිබේ.





