බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති කියන්නෙ පට්ටපල් බොරු… ජී.එල් කියයි.

by editor
ජූලි 29, 2024 - Updated on ජූලි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමා ඇප මුදල් තැන්පත් කළ බැවින්, වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන නිසා ඔහුට පොලිස්පතියරයකු පත් කිරීමට නොහැකි යැයි පැවසීම අමූලික බොරුවක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේය. දින 14ක් සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඊට අනුමැතිය ලැබෙන්නේ ව්‍යවස්ථා දායක සභාවෙන් බැවින් එම පත් කරන පොලිස්පතිවරයා පිළිබඳ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට නොව ව්‍යවස්ථා දායක සභාවට බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් පෙන්වා දුන්නේය.

මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. 

“වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ගැසට් කළ පැය කිහිපයක් තුළ ඇප මුදල් තැන්පත් කලේ එවැනි තර්කයකට ප්‍රවේශය සකස් කිරීම සඳහායි. ඒත් වැඩක් නෑ.”
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ජි හා 104 ජි.ජී. යන වගන්ති ප්‍රකාරව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පොලිසියට අවශ්‍ය නියෝග දීමට මැතිවරණ කොමිෂන් සභාවට පූර්ණ බලය තිබෙනවා.”  මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා  පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අධිකරණ නියෝග වලට අභියෝග කිරීම තරයේ හෙළා දකින බවත් සැප්තැම්බර් 21යින්  පසු අධිකරණය සෘජුව හෝ වක්‍රව හෑල්ලුවට ලක් කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහාචාර්යවරයා අනතුරු ඇඟවූයේය. 

පොලිස්පතිවරයාගේ සේවය අත් හිටවූ අධිකරණ නියෝගය විවේචනය කරමින් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී කථා කළ අගමැතිවරයා ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කමිටුවක් වන බැවින් එයට මැදිහත්වීම සඳහා කිසිම බාහිර පාර්ශවයකට ඉඩක් නොමැති බවට  ගොඩනගන තර්කය  පදනම් විරහිත අසත්‍ය තර්කයක් බව අවධාරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ කථා නායකවරයා  ව්‍යවස්ථා සභාවේ මුලසුන දැරුවත් එය පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කමිටුවක් නොවන බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය විධායක හෙවත් පරිපාලන කාර්යභාරයක් බව 2002 දි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් 7දෙනෙක්ගෙන් සමන්විත විනිශ්ච මණ්ඩලයක් බලාත්මක තීරණයකින් ප්‍රකාශයට පත් කොට ඇති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් බවයි. ,නමුත් අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාදායකයේ කොටසක් කියලා. ඒ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මතගැටුමක් පවතින බවයි. එහෙම නැතිනම් රජය දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සඳහා කිසිවකුට ඉඩ දෙන්නේ නෑ,. ඔවුන් සියලු දෙනාට නොවැම්බර් 21න් පස්සේ දඬුවම් කරනවා.

මහාචාර්ය ජී.එල් පීරිස් පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ව්‍යවස්ථාව උල්ලංඝණය නොකර වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්  කරන්න… ඉල්ලා අස්වූ අධිකරණ ඇමති ජනාධිපතිට කියයි!

Next Post

පුරුදු ගේම් ගහන්න බෑ… ඉතිහාසයේ මුල්ම වරට යූ.එන්.පී නායකයාට ස්වාධීන අපේක්ෂකයෙක් වෙන්න සිද්ධ වෙලා… අනුර සිදුවි ඇති වෙනස ගැන කියයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.