2024 පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ පළමු රන් පදක්කම චීනය විසින් දිනා ගනු ලැබුවේය.
ඒ වෙඩි තැබීමේ මීටර් 10 වායු රයිෆල් කණ්ඩායම් ඉසව්ව ජයගෙන රන් පදක්කම් දිනා ගනිමිනි.
මෙහිදී දකුණු කොරියාව ලකුණු 16-12ක් ලෙස පරාජය කළ චීනය පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
2020 ටෝකියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ මීටර් 10 වායු රයිෆල් කාන්තා අවසන් තරගය ජය ගනිමින් චීනය එම ඔලිම්පික් උලේලේ ද පළමු රන් පදක්කම වාර්තා කළේය.







