කීර්ති ප්‍රනාන්දු –
පාන් මිල අඩු කරනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ විධායක සභාව අද (25 )රාත්රියේදී රැස්වන බව සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
ඒ අනුව මේ සම්බන්ධව ගනු ලබන තීරණය හෙට (26 )පෙරවරුවේදී ප්‍රකාශයට පත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි .
පාන් මිල අඩු කරන ලෙස රජය ඉල්ලා සිටියත් පවතින තත්ත්වය හමුවේ පාන් මිල දැම්ම අඩු කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි .
පාන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන අමුද්‍රව්‍ය මිල දෙගුණ තෙගුණ වශයෙන් ඉහළ ගොස් ඇතැයි පවසන සභාපතිවරයා වෙළඳපොළ තුළ ක්‍රියාත්මක කෙරෙන වෙළෙඳ මාෆියාව මෙන්ම අධික බදු අය කිරීම නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ යාමට හේතු වී ඇති බවද කියයි.
මේ සඳහා රජයේ මැදිහත්වීම අනිවාර්යෙන්ම අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පවසයි.







