ශ්‍රියානි විජේසිංහ –
ග්‍රාම නිලධාරීන් ලබා දුන් සංශෝධනයන්ගෙන් තොරව තම සේවා ව්‍යවස්ථාව රජය ගැසට් කළහොත් ඒ මොහොතේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්වට එළඹිය ද මැතිවරණ රාජකාරි අකුරටම ඉටුකිරිමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරීන්ගේ ඒකාබද්ධ පෙරමුණ පවසයි.
මුළු රටක්ම මැතිවරණයක් ඉල්ලා සිටින මොහොතකදී ජනතාවගේ මතය ප්‍රකාශ කිරිමට අවස්ථාව ලබා දිය යුුතු බැවින් මෙම තීරණය ගැනීමට සියලුම ග්‍රාම නිලධාරින්ගේ සංගම් එක් වූ බව ඒකාබද්ධ පෙරමුණේ ලේකම් ජගත් චන්ද්‍රලාල් සඳහන් කරයි.
සියලුම ඡන්ද මධ්‍යස්ථාන භාරව කටයුතු කරනුයේ ග්‍රාම නිලධාරීන් වන අතර මැතිවරණ කටයුතු යනු ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරිවලින් සියයට 1ක ප්‍රතිශතයක් පමණක් යැයිද හෙතෙම පෙන්වාදේ.
වැරදි වැටුප් තලයක පිහිටුවීම සහ සේවා ව්‍යවස්ථාව සංශෝධන රහිත ගැසට් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පල කරමින් සියලුම ග්‍රාම නිලධාරීන් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින බවද හෙතෙම පැවසුවේය.
සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් සහ ආයතන අධ්‍යක්ෂවරයා දැඩි උත්සහයක නිරත වන බවද ඔහු ලංකාසර කළ විමසුමකදී සඳහන් කළේය.







