ලලිත් චාමින්ද –
හික්කඩුව, වැල්ලවත්ත, තොටගමුව පාළම අසල මුහුදු තිරයේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු දියවැලකට හසුවි ඊයේ (20) පස්වරුවේ දි ගසාගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවත් එක් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
අතුරුදහන් වි ඇත්තේ 16 හැවිරිදිවියේ පසුවන කරන්දෙණිය මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන , ඉගල්කන්ද, ඇල්පිටිය ප්‍ර දේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
එකම පංතියේ ඉගෙනුම ලබන පාසල් සිසුන් නම දෙනෙකු දෙමව්පියන්ට නොදන්වා ඇසළපුන්පෝය යෙදි තිබු ඊයේ දින දිය නෑම සදහා මෙම වෙරළ තිරයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
පාසල් සිසුන් නම දෙනා දිය නාමින් සිටියදි සිසුන් තිදෙනෙකු දියවැලකට හසුවි ගසාගෙන ගොස් ඇත. ඉන් සිසුන් දෙදෙනෙකු ජිවිතාරක්ෂකයින් හා ප්‍රදේශවාසින් එක්ව බේරාගෙන ඇත.
අනික් සිසුවා අතුරුදහන් වි ඇති අතර එම සිසුවා සේවිමේ කටයුතු නාවික හමුදාවේ කමිදුම්කරුවන් විසින් සිදුකරණු ලබන බවත් පොලිසිය පවසයි.







