බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතියටත් වලංගු නැති කුපාඩි චීවරාධාරියා එපා කියා ගම්මු මහ මගට බසිති…

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පුරාවස්තු සොයාගෙන විහාරස්ථානයේ සංඝාවාසයේ කාමරයක් තුළ ගම්මානයේ කීප දෙනෙක් හා එක්ව කැණීම් කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම හා ඉකුත් වෙසක් පොහෝදා වයස අවුරුදු දොළහක පිරිමි දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් තම පන්සලේ චීවරධාරීයෙකුට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකීමට විරෝධය දක්වා අද 08 දහවල් දෙහිඅත්තකණ්ඩිය කුඩාගම ඉසිපතනාරාමයේ දායකකාරකාදීන් පිරිසක් නවමැදගම නගරයේදී විරෝධතාවයක නිරත වූහ.

එම චීවරධාරියා මත්පැන් පානය කරන විහාරස්ථානයේ අශෝභන අයුරින් හැසිරීම, දහම් පාසල් දරුවන්ට මෙන්ම විහාරස්ථානයට පැමිණෙන කාන්තාවන්ට විවිධ අපචාර යෝජනා කිරීම, බුද්ධ ශාසනයටත්, ආගමටත් එම චීවරධාරියා සිදුකරන අකටයුතුකම් පිළිබඳ ඉහළ බලධාරීන් දැනුවත් කළ ද පලක් වී නැති බවත්, ඔහු නැවතවරක් මස 14 වෙනිදා කුඩාගම විහාරස්ථානයට ගෙන්වා ගැනීමට ඉහළ භික්ෂූන් තීරණය කර ඇති බවත් දායකකාරකාදීන් මෙහිදී චෝදනා කළහ.

අදාළ චීවරධාරියා ගම්මානයේ දායකකාරකාදීන් විසින් මාස කිහිපයක සිට ප්‍රතික්‍ෂේප කර ඇති බවත්, එම චීවරධාරියා ගම්මානයේ කිහිපදෙනෙකු සමගින් බීමත්ව අසෝබන ලෙස හැසිරෙන ආකාරය තම ගම්මානයේ තරුණයන් ජංගම දුරකතන මගින් පටිගත කර ඇති බවත් ගම්මු කීහ.,

මෙම තත්ත්වය මත එම භික්‍ෂුවම විහාරස්ථානයට ගෙන්වීමෙන් සමාජයට ලබා දෙන්නේ කුමන ආදර්ශයක්දැයි විමසන ගම්වාසීහු දැන් සිදුවී ඇත්තේ මේ අපචාරකාරී චීවරධාරියා නිසා ගම්මානයේ කාන්තාවන් සහ දරුවන් මෙන්ම දහම් පාසල් දරුවන් ද අනාරක්ෂිත තත්ත්වයට පත්වීම යැයි කුඩාගම බෞද්ධ සමිතියේ ලේකම්, එච්.එම් .අයි,ජී. මහින්ද බණ්ඩාර අපට පැවසුවේය.

කුඩාගම ගම්මානයේම රැඳී සිටින මෙම චීවරධාරියා වසර 38 කට ආසන්න කාලයක් තම විහාරස්ථානයේ රැඳී සිටින බව සැබෑ මුත් මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයෙන් විහාරස්ථානයට දානය රැගෙන එන කාන්තාවන්ට සිදුකළ අපචාර යෝජනා සම්බන්ධව ගම්මු ඉවසා සිටි නමුත් දරුවන්ටත් මේ තක්කඩියා අත තබන විට එය ඉවසා සිටිය නොහැකි බව ගැමියන් අපට පැහැදිලි කර සිටියේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

චීවරයක් දැරීමට තබා සාමාන්‍ය සාජයේ පුද්ගලයෙක් ලෙස ජිවත්වීමටවත් නුසුදුසු මේ පුද්ගලයා මේ මස 14 වෙනිදා තම විහාරස්ථානයට නොඑවන ලෙස අදාළ නිකායන්හි මහානායක ස්වාමීන් වහන්සේලාගෙන්, ඉල්ලා සිටින බවද විරෝධතාකරුවන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.

කුඩාගම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල තුළ නිදන් සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ ද මේ පිළිබඳ පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන්, ලිඛිත හා වාචිකව දැනුවත් කළද, ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ගම්මු කියති.

ගම්මානයේ, විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ, කිහිපදෙනෙකු මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනෙකු, මෙම චීවරධාරියා නැවත වරක් විහාරස්ථානයට ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවද විරෝධතාකරුවෝ මෙහිදී සඳහන් කළහ.

මෙම විරෝධතාවය පැයක කාලයක් පුරා පැවැති අතර එම අවස්ථාවට විහාරස්ථදායක සභාවේ නිලධාරි මණ්ඩලය, ගොවි නායකයින්, ගම්මානයේ තරුණ තරුණියන්, දහම් පාසල් ගුරුවරුන්, ඇතුළු මවුපියන් තුන්සියයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණය කල් දැමීමට ඉල්ලූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කරයි… පෙත්සම්කාර “මොරටු පුරවැසියා”ට ලක්ෂයක නඩු ගාස්තුවකුත් ගෙවන්න වෙයි….

Next Post

රටේ රාජ්‍ය ආයතන අක්‍රීය වෙයි… වර්ජනය සාර්ථක බව වෘත්තීය සංගම් කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.