මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත්, වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යාලයේ සිසුන් හත් දෙනෙකු,ප්‍රතිකාර සඳහා අද ( 05 ) වෙනදා දහවල් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
අත්තන ඇට කෑමෙන් පසු ශරිරියට විෂ වු පිරිමි ළමුන් සිව් දෙනකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වැලි කන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය..
පස්වෙනිදා උදෑසන 9 වසරේ සිසුවියක අත්තන ඇට පාසලට ගෙනවිත් ඇය යහළුවන්ට කෑම සදහා එම ඇට ලබාදී ඇති අතර මත් වු සිසුන් ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය කියයි..
රෝහලට ඇතුළත් කර ඇත්තේ අසේලපුර මහා විද්‍යාලයේ 9, 10 ,11,හා 12 වසර ඉගෙනුම සිසුන් හත් දෙනකු බවද පොලිසිය සඳහන් කරයි.
අප මේ පිළිබඳ අසේලපුර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ සිසුවියක් ගෙනා අත්තන ඇට අනිත් සිසුන් සමග කෑමට ගැනිම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වු බවයි.
එම සිසුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද පොළොන්නරුව රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසීය







