දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේදී සංවිධානාත්මක පිරිසක් විසින් පැහැර ගෙන ගොස් දින විසි පහක් තිස්සේ වධකාගාරයක රඳවා ගෙන වධ හිංසා කළ පුද්ගලයෙකු ඔවුන්ගේ අත් අඩංගුවෙන් මිදි පැමිණ ඊයේ (26) කිළිනොච්චිය පොලීසියට බාර වී තිබේ.
ඔහු පොලීසියට පවසා ඇත්තේ තමන්ව පැහැර ගෙන ගිය පිරිස විවිධ ස්ථාන වලට තමන්ව රැගෙන ගොස් එක් එක් සිද්ධීන් ගැන තොරතුරු විමසා සිටි බවයි.
තොරතුරු නොදන්නා බව කී අවස්ථාවල දී ඒ පිරිස තමන්ට ඉතා අමානුෂීය අන්දමට පහර දුන් බවත් එම කණ්ඩායමේ පුද්ගලයින් අට දෙනෙකු පමණ සිටි බවත් ඔහු පවසයි.
කිළිනොච්චියේම පදිංචි තමන්ව පැහැර ගෙන ගොස් මේ අන්දමට වධ හිංසා සිදු කරණ ලද්දේ කවර හේතුවක් මතද යන්න තමන් නොදන්නා බවත් ඔහු ප්රකාශ කරයි.
අත් අඩංගුවෙන් මිදී පලා ආ පුද්ගලයාව කිළිනොච්චිය පොලීසිය විසින් කිළිනොච්හිය රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුට දැඩි ආරක්ෂාවක් සපයා දී තිබේ.
ඔහුගෙන් ලැබුණු තොරතුරු මත කිළිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යයි.