මහනුවර ඇසළ මංගල්‍යය අගෝස්තු මස 05 වැනි දා සඳුදා අළුයම 4 පසුවී විනාඩි 10ට අලුත් නුවර දේවාලයේ දී කප් සිටුවීමෙන් ආරම්භ කරන බව දියවඩන නිලමේ නිලංග දෑල පවසයි.
එතැන් සිට සිවු මහා දේවාල ප්‍රධාන කරගෙන පැවැත්වෙන සියලු ඇතුළු පෙරහර අගෝස්තු මස 19 දින තෙක් පැවැත්වේ.
අගෝස්තු 10 වැනිදා පස්වරු 5.48ට දකුණු දිශාභිමුඛව හතර මහා දේවාල පිටත් විමෙන් අනතුරුව පස්වරු 6 පසුවී විනාඩි 6ට ප්‍රථම කුඹල් පෙරහර ආරම්භ වේ. එතැන් සිටිඅගෝස්තු 14 දින තෙක් කුඹල් පෙරහර වීදි සංචාරය කෙරේ.
රන් ආභරණයෙන් සැදුම් ලත් ප්‍රථම රන් දෝලි පෙරහර අගොස්තු මස 15 වැනි දින පස්වරු 6 පසුවී විනාඩි 37ට වීදි සංචාරය කිරීම අරඹා අගොස්තු 19 වැනි දින අවසන් රන්දෝලි මහ පෙරහර පැවැත්වීමට නියමිතය.
19 වැනි සඳුදා දින රාත්‍රී 12 පසුවී විනාඩි 24ට උතුරු දිශාභිමුඛව සිවුමහා දේවාල පෙරහර සමග පිටත්ව යන පෙරහර ගෙඩිගේ රාජමහා විහාරයට ගොස් එතැන් සිට ගැටඹේ තොටට ගමන්කොට දිය කැපීමේ මංගලෝත්සවය සිදුකර ආපසු ගණ දෙවි කෝවිලට පැමණීමට නියමිතය.
අගෝස්තු මස 20 වැනි දින දහවල් 12 පසුවී විනාඩි 46ට ගණ දෙවි කෝවිලෙන් ඇරඹෙන දහවල් පෙරහර පස්වරු 2 පසුවී විනාඩි 11ට ගෙඩිගේ රාජමමහා විහාරයෙන් පිටත්ව මාලිගා චතුරශ්‍රයේ තෙවරක් ප්රදක්ෂිණාකොට සවස 5 පසුවී විනාඩි 27ට යළි දළදා මාළිගාවට ගෙවැදීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.
පෙරහර මංගල්‍යය සඳහා සියලුම සැලසුම් මේ වනවිට සියලු පාර්ශව සම්බන්ධ කරගෙන සිදුකිරීම ආරම්බ කර ඇත.







