බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ජාතික කණ්ඩායමේ දොරට තට්ටුකරමින් සිට විසිවී ගොස් ඇමරිකාවේ පායපු ඉන්ජිනේරු තරුව…. සෞරබ් නෙත්‍රවල්කාර්

by editor
ජූනි 15, 2024
in පුවත්
සෞරබ් නේත්‍රවල්කාර්

සෞරබ් නේත්‍රවල්කාර්

Share on FacebookShare on Twitter

බීබීසී –

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියට කෝඩුකාර කණ්ඩායමක් ලෙස එක්වූ ඇමෙරිකානු කණ්ඩායම මේ දක්වා තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙස ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත් ව තිබේ.

ප්‍රබල පකිස්ථාන කණ්ඩායමට එරෙහිව ලද ජයග්‍රහණය ඇමෙරිකානු ක්‍රීඩකයින්ට පමණක් නොව ප්‍රේක්ෂකයින්ට ද කලකට අමතක නොවන තරගයක් වුයේ එහි සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක කළ ඉන්දියාවේ උපන් පන්දු යවන්නා නිසාය.

පකිස්ථානයට පරාජයක් ගෙන දෙමින් සුපිරි පන්දු වාරය යැවු සෞරබ් නෙත්‍රවල්කාර් කව්ද ? මේ ඔහු පිළිබඳව කළ සොයා බැලීමකි.

සෞරබ් නේත්‍රවල්කාර් 2010 වසරේ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළේය

 

1991 වසරේ ඔක්තෝම්බර් මස 16 වැනිදා ඉන්දියාවේ, දකුණු දිග මුම්බායි හි මලාඩ් ප්‍රදේශයේ දී උපත ලැබූ සෞරබ් නෙත්‍රවල්කාර් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන්නේ ඔහුට වයස අවුරුදු 10 දීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තරුණ ක්‍රීඩකයෙකු ලෙස නෙත්‍රවල්කාර් ක්‍රිකට් පිටියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට 2010 වසරේ නවසීලන්තයේදී පැවති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා  ඉන්දියාව නියෝජනය කරමින් එක් වීමට අවස්ථාව උදාවිය.

එම ලෝක කුසලාන තරගාවලියේදී තරග 06 කට පමණක් ක්‍රීඩා කරමින් ඔහු කඩුලු 09ක් දවා ගැනීමට සමත් වුයේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වෙමින්ය.

ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද එකසේ දස්කම් දැක්වූ සෞරබ් නෙත්‍රවල්කාර් 2013 වසරේදී ඉංජිනේරුවරයෙකු ලෙස සිය උපාධිය ලබා ගැනීමට සමත්ව තිබේ.

උපාධිය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දෙවසරක කාලයක් වෙන් කළ සෞරබ් නෙත්‍රවල්කාර් ගේ බලාපොරොත්තුව වුයේ මුම්බායි කණ්ඩායමටත් ඉන් පසුව ඉන්දීය ජාතික කණ්ඩායමේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමය.

“මම මුම්බායි සංචිතය සඳහා තේරුණා. නමුත් මට එහි ස්ථානයක් තහවුරු කර ගැනීමට හැකිවුණේ නැහැ. අවම වශයෙන් IPL තරගාවලියේවත් ස්ථානයක් හිමිවුනේ නැහැ.” සෞරබ් නෙත්‍රවල්කාර් බීබීසී සමග කළ සම්මුඛ සාකච්ජාවේදී පැවසීය.

සෞරබ් නෙත්‍රවල්කාර් මුම්බායි ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළේය

ක්‍රිකට් දිවියට සමුදීම සහ සරසවි ගමන

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වෘත්තීය ජීවිතය ඔහුගේ වයස අවුරුදු 23 වන විට ආරම්භ වන පසුබිමක නෙත්‍රවල්කාර් සිය ක්‍රීඩා දිවියට තිත තැබීමට තීරණය කළේය.

“මම හිටියේ දෙසිතක සිර වෙලා. ඒ, මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු විය යුතුද නැතිනම් අධ්‍යාපනයට අවධානය යොමු කළ යුතුද? යන කරුණු දෙක ගැනයි” ඔහු කියා සිටියේය.

ඉන්දියාවේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස සිටියදී සෞරබ් නෙත්‍රවල්කාර් විසින් දැනටමත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ක්‍රීඩාව පිළිබද කරුණු විශ්ලේෂණය කිරීමට උපකාර වන යෙදුමක් වන CricDeCode නිර්මාණය කළේය.

2015 දී සෞරබ් නෙත්‍රවල්කාර් පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පටන් ගත්තේය.

“එය දුෂ්කර තීරණයක්,” ඔහු පැවසීය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදී සිටියද ක්‍රිකට් ක්‍රීඩාව ගැන තිබු උනන්දුව නම් අඩුවක් නොවු බව නෙත්‍රවල්කාර් කියා සිටියේය.

අධ්‍යන කටයුතු වල නිරත වෙමින් සිටියදීම ඔහු සිය සරසවියේ සිසුන් ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දුටු බැවින් අන්තර් විද්‍යාලීය තරගාවලි සඳහා සහභාගී වීමට ක්‍රීඩා සමාජයකට ද සම්බන්ධ විය.

දුෂ්කර කාල පරිච්ජේදය

උපාධිය ලැබීමෙන් පසු පරිගණක මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන Oracle හි රැකියාවක් ලබාගත් සෞරබ් නෙත්‍රවල්කාර් කැලිෆෝනියාව බලා ගියේය.

එහිදී ක්‍රීඩා සමාජයකට එක්වූ ඔහු සෑම සති අන්තයකදීම ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගන්නා ලදී.

“මම සතියේ දින පහක් රැකියාවේ නිරත වෙලා සති අන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න සැන් ෆ්‍රැන්සිස්කෝ බලා යනවා.” ඔහු පැවසුවේය.

“සැන් ෆ්‍රැන්සිස්කෝ හි වෘත්තීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට හැකි ‍තණ තීරුවක් තිබුණේ නැහැ. එතැන තිබුනේ කෘතීම තණ තීරුවක්. නමුත් නිව්යෝර්ක්වල උද්‍යානයක පස් වලින් සෑදුව තණ තීරුවක් තිබුණා හරියට මුම්බායි මයිදාන් උද්‍යානයේ තිබෙනවා වගේ.” ඔහු පැවසුවේය.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔහු කෙතරම් ආදරය කලාද කිවහොත් සෑම සති අන්තයකම පැවැත්වෙන ක්‍රිකට් තරග ක්‍රීඩා කිරිම සඳහා සෞරබ් නෙත්‍රවල්කාර් ඔහු රැකියාව කරන සැන් ෆ්‍රැන්සිස්කෝ හි සිට නිව්යෝර්ක් බලා පැය 6ක දුරක් වාහනයේ පදවා ගෙන යන්නට එන්නට විය.

“ලොස් ඇන්ජලීස්වල මම ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජයේ සිටිය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අයයි. මම එතැනදී දැන ගත්තේ ඇමෙරිකාවේ ක්‍රිකට් කණ්ඩායමක් තියෙනවා කියලා.” නෙත්‍රවල්කාර් පැවසීය.

“දීර්ඝ සති අන්තවල ඔවුන් රටේ විවිධ තැන්වල ක්‍රිකට් තරග සංවිධානය කරනවා. විශේෂයෙන්ම ෆ්ලොරිඩාවල. එහෙ තරග තියන කොට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ඒ තරග සඳහා ක්‍රීඩා කරන්න පැමිණෙනවා.” නෙත්‍රවල්කාර් සඳහන් කළේය.

T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි පන්දුවරයකින් ඇමෙරිකාව විසින් පාකිස්තානය පරාජය කිරීමෙන් පසු නේට්‍රවල්කාර් ඔහුගේ කණ්ඩායමේ සගයා වන හාරමීට් සිං සමඟ සතුට සමරනු ලැබූ අයුරු

සැබෑවූ ජාතික කණ්ඩායම් සිහිනය

එම ක්‍රිකට් තරග හොඳ පසුබිමක් සකස් කර දුන්නද ඇමෙරිකානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සෞරබ් නෙත්‍රවල්කාර් සිහින මැව්වේ නැත .

මුලින් ශිෂ්‍ය වීසා බලපත්‍රයක සිටි මම පසුව රැකියා වීසා බලපත්‍රයකට මාරු වුණා. ඒ නිසා ඇමෙරිකානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.” නෙත්‍රවල්කාර් පැවසීය.

නේට්‍රවල්කාර් පවසන්නේ එක්සත් ජනපදය වැනි ආශ්‍රිත රටවල් සඳහා ක්‍රීඩා කිරීම වෙනස් ආකාරයක පීඩනයක් ගෙන එන බව ය

ඇමෙරිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නම් සෞරබ් නෙත්‍රවල්කාර්ට එරට ස්ථිර පදිංචිකරුවෙක් ලෙස වසර 07ක් ජීවත්ව සිටිය යුතු බවට වන නීතියක් ද ක්‍රිකට් පරිපාලනය කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීතියේ ඇතුළත්ව තිබුණි.

නමුත් 2018 වසරේ දී එම නිතිය වෙනස් වූ අතර ඇමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට නෙත්‍රවල්කාර් තෝරා ගන්නා ලදී.

2019 වසරේ දී, ඇමෙරිකාව ඇතුළුව සියලුම ආශ්‍රිත රටවල් සඳහා ජාත්‍යන්තර T20 වරම් ලබා දීමට කටයුතු කෙරුණි.

“බොහෝ අය සිතන්නේ දුර්වල ලෙස සලකනු ලබන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කිරීම පහසුයි කියලා” ඔහු පවසයි.

“නමුත් එහි තිබෙන අරගලය ඊටත් වඩා දුෂ්කරයි. මූලික යටිතල පහසුකම් නොමැති නිසා ඇමෙරිකාව වගේ ක්‍රිකට් ක්‍රීඩාවට අලුතෙන් එක්වන රටවල් සඳහා ක්‍රීඩා කිරීම දුෂ්කරයි.” ඔහු පැහැදිලි කළේය.

ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ට පූර්ණ කාලීන රැකියා මෙන්ම සිය පවුල් වල වගකීම් ද දැරීමට සිදුවේ.

“අපි සවස 7-9 සිට දක්වා කාලයේදී ගෘහස්ථ ක්‍රීඩාංගණයක පුහුණු වන්නේ.”ඔහු පැවසුවේය.

දුරස්ථභාවය හේතුවෙන් විවිධ ප්‍රාන්තවල වෙසෙන ක්‍රීඩකයින්ව එකට එකතු කර ගැනීම ද අභියෝගයක් විය.

ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට දින 10 කට පෙර ක්‍රීඩකයින් එකට එක්වී සිය පුහුණුවීම් කටයුතු සිදුකරයි.

මෙම සියලු බාධක ජය ගනිමින් ආශ්‍රිත කණ්ඩායම් අතර පැවති ක්‍රීඩා තරගාවලියේ ඉහළින් සිටීමට ඇමෙරිකානු කණ්ඩායම සමත් වූ අතර ඔවුන් මෙම වසරේ T20 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම 2026 වසරේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටී.

ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණුවක් ලබා ඇති බව නෙත්‍රවල්කාර් පැවසුවේය.

ඉන්දියාව සමග පැවති තරගය

සෞරබ් නෙත්‍රවල්කාර් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන විට එහි සිටි ක්‍රීඩකයින් කීහිප දෙනෙකුට වර්තමානයේ දී එරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාවී තිබුණි..

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී සෞරබ් නෙත්‍රවල්කාර්ට ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කරමින් තමන් උපන් රට වූ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා විය.

එහිදී ඔහු පන්දු යවමින් ලකුණු 18 කට කඩුලු දෙකක් දවා ගනු ලැබීය.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් වන නායක රෝහිත් ෂර්මා සහ විරාත් කෝලිය.

“ඔවුන් සමග නැවත සම්බන්ධවීමට ලැබීම සතුටක්.” ඔහු කියා සිටියේය.

නැවත ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට කිසිම බලාපොරොත්තුවක් තමා තුළ නොතිබූ බවද ඔහු සඳහන් කළේය.

“මට නැවත ක්‍රීඩා කරන්න බලාපොරොත්තුවක් හෝ නැවත අවස්ථාවක් ලැබෙයි කියා හෝ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ,” ඔහු බිබීසීය සමග කළ සම්මුඛ සාකච්ජාවේදී පැවසුවේය.

පෙරලියක් සිදුකරන ඇමෙරිකානු කණ්ඩායම

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයෙන් තරග වදින ඇමෙරිකානු කණ්ඩායම මේ වන විට එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවේ.

ඔවුන් ප්‍රබල පකිස්ථාන කණ්ඩායම සමග  මෙන්ම තරගාවලියේ පළමු තරගයේදීම කැනඩාවට එරෙහිව තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 07ක පරාජයක් ලැබුවද ඔවුන් එහිදී ද හොඳ තරගයක් ලබා දීමට සමත් විය.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ICC පුර්ණ සාමාජිකත්වය දරන බංගලාදේශ කණ්ඩායම සමග පැවති විස්සයි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල කණ්ඩායම් වලට අභියෝගයක් ගෙන එන බවට වන අනතුරු ඇඟවීමේ සංඥාව ලබා දෙමින්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝයල් පාර්ක් ඝාතකයා යළි රටට ගෙන්වීමේ නීතිමය පසුබිම  පොලිස් ඇමති නීතිපතිගෙන්  විමසයි….

Next Post

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත හෙවත් ක්‍රිකට් හදන්න පත් කළ චිත්‍රසිරි කමිටුවේ වාර්තාව  ජනපතිට!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.