අද (08) උදෑසන එඩේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී බදුල්ල කොළඹ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අනතුරට පත් කාර් රථය ක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ ආලෝක සංඥා දැල්වෙමින් තිබිය දී මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කිරීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවය.
අනතුරට පත් මෝටර් රථය එඩේරමුල්ලේ ප්‍රදේශයේ සිට වත්තල දෙසට ගමන් කරමින් තිබී ඇත. අනතුරින් ජිවිතක්ෂයට පත් වී ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙක් සහ 34 හැවිරිදි කාන්තාවකි.
මෙම දුම්රිය හරස් මාර්ගය නිරන්තරව අනතුරු සිදුවන ස්ථානයක් වී ඇත. එඩේරමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.








