ජල වහන පද්ධතිය කාර්යක්ෂම කරමින් ගම්පහ නරගය තුළ ක්‍රියාත්මක වූ ඇල මාර්ග 11කින් දැන් ඇත්තේ ඇල මාර්ග දෙකක් පමණක් බවත්, අක්‍රමවත් ඉදිකිරීම්, නිමා නොකර වසර ගණනාවක් ඇදෙන සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අප විසින් නිර්මාණය කරගත් සොබා දහමට එකඟ නොවූ හේතු රැසක් ගම්පහ නරගය බරපතල ව්‍යසනයකට ලක් කළ බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිත් රාජපක්ෂ පවසයි.
අත්තනගලු ඔය සම්බන්ධව පසුගිය දා පරීක්ෂණයක් කළ මහාචාර්ය ලලිත් රාජපක්ෂ උපුටා දක්වමින් නිවුස් ෆස්ට් වාර්තා කර තිබුණේ ස්වභාවික හේතු මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් ද ගම්පහ නගරය යටවීමේ ව්‍යසනයට හේතු වූ බවය.
අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශයට පසුගිය දින 10කට ආසන්න කාලය තුළ අධික වර්ෂාවක් ලැබී තිබීම හේතුවෙන් ඔය ආශ්රිත ප්‍රදේශයේ භූ ගත ජල මට්ට්ම ඉහළට පැමිණ තිබූ බව මහාචාර්යවරයා පෙන්වා දී ඇත .
ඒවන් අවස්ථාවක මිලි මීටර 200ක අධික වර්ෂාවක් යළිත් පැමිණීම හේතුවෙන් ඔය ඔස්සේ විශාල ජල ප්‍රමාණයක් ගලා ආ බව ඔහු පවසයි.
අත්තනගලු ඔය ආරම්භයේ සිට ගම්පහ දක්වා විශාල බෑවුමක් ඔස්සේ ගලා බසින නමුත් ගම්පහ සිට ජා ඇල දක්වා කලපුවට ගලා බැස්ම අඩු බෑවුමකින් සිද්ධ වෙන බැවින් විශාල ජලයක් ඒක්වර පැමිණීමෙන් ඔය පිටාර ගැලීම සිදුවන බව මහාචාර්යවරයා හෙළි කරයි.
පිටාර ජලය බැස යෑමට ගම්පහ නගරය තුළ තිබූ ඇල මාර්ග සහ කානු පද්ධති නිසි පරිදි තිබුණා නම් මෙතරම් හානියක් සිදු නොවන බව මහාචාර්යවරයාගේ මතය ය.
මීට වසර කීපයකට පෙර ගම්පහ නගරයේ බැස යෑමට ඇල මාර්ග අටක් පමණ තිබූ නමුත් මේ වනවිට ඇත්තේ ඇල මාර්ග දෙකක් පමණක් බව ද මහාචාර්ය රාජපක්ෂ බලධරීන්ගේ අවධානයට යොමු කරයි.
ඔහු පෙන්වා දෙන්නේ නගරයේ ඇතැම් නව ඉදිකිරිම් ද පරිසර පද්ධතියට හානිදායක බවය.
ජලය පසට උරා ගැනිමට අවශ්‍ය පරිසර පද්ධතියක් නොමැති වීමත්, ජලය බැස යෑමට ඇති ඇල මාර්ග සහ කානු පද්ධති අවහිර වීමත් ආරම්භ කර ඇති සංවර්ධ ව්‍යාපෘති වසර ගණනාවක් යනතුරු නිම නොකිරීමත් යන ගම්පහ නගරවාසින් විසින්ම නිර්මාණය කරගත් හේතු නිසා ස්වභාවිකව සිදුවීමට නියමිතව තිබූ සංසිද්ධියක් හානි දායක මට්ටමින් ඉහළ ගිය බව මහාචාර්ය ලලිත් රාජපක්ෂගේ මතය ය.







