දුමින්ද සිල්වාට සමාව ලබාදීම සදහා වූ ඩීල් එකට සමගි ජනබලවේගය කුමන ආකාරයකින් හෝ සමගි ජන බලවේගය සම්බන්ධ වෙන්නේ නම් සමගි ජන බලවේගයට තමන් අවශ්‍ය ද නැද්ද යන්න ඔවුන්ට තීරණය කිරීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (02) ප්‍රකාශ කළාය.
” මා විශ්වාස කරනවා සමගි ජන බලවේගයේ නායක දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීම සදහා එකඟ වන්නෙ නැති වේවි කියලා. කෙසේ වෙතත්, ඔහු වටා සිටින අනෙක් අය අදාළ පුද්ගලයින් සමඟ ගනුදෙනු කිරීමට ඔහුව පෙළඹවිය හැකියි. වඩාත් වැදගත් මම ද වෙනයම් පුද්ගලයෙක් ද කියලා මේ අවස්ථාවේ පක්ෂයට තීරණය කළ යුතුයි,” හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය වෙත පැවසුවාය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වාට ලබාදුන් සමාව නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර ලබාදුන් බවත් එය ආපසු හැරවීමට තමන්ට හැකි වූ බවත් ඇය සිහිපත් කළාය.