ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු වු ටමීම් රහ්මාන් ජුනි 07 දක්වා නැවත වරක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.
සැකකරු තරග පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ සම්පූර්ණ දුරකථන සංවාදය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.
බංග්ලාදේශ සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන තමීම් රහ්මාන් LPL 2024 සඳහා ක්‍රීඩක වෙන්දේසියෙන් දිනකට පසු මැයි 22 වන දින කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
තරග පාවාදීමේ චෝදනාව මත ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී කණ්ඩායම ද සහභාගී වූ කොළඹදී පැවති LPL 2024 තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම’ ක්‍රීඩකයින් 18 දෙනෙක් තෝරාගෙන තිබිණි.
LPL තරගාවලිය ජුලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවරින් ආරම්භ වී පසුව දඹුල්ලේදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ අවසානය සඳහා කොළඹ බලා යාමට නියමිතය.







