බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

රටේ  සියයට 20කට දෙන්න හදන කොවිඩ් එන්නතේ ඇත්තම කතාව ..

by editor
නොවැම්බර් 13, 2020
in සෞඛ්‍යය
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත
වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ...

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ...

Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත
වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ ලංකාසරට කළ විශේෂ පැහැදිලි කිරීමකි.

  • එන්නත් 200කින් 10ක් තුන්වන මට්ටමේ පරීක්ෂණවල තියනවා… තවම පර්යේෂණ මට්ටමේ තියන මේ එන්නත ගැන දැන්ම කියන්න බෑ…
  • කුමක් හෝ එන්නතක් සාර්ථකව තහවුරු වෙන්න ලබන අවුරුද්දේ මැද භාගයවත් වේවි… එන්නත නිකුත් කරන  කාල වකවානුව නිශ්චිතව කියන්න පුලුවන් කමක් නෑ..
  • ලෝකයේ සෑම රටකම ජනතාවගෙන් සියයට විස්සකට එන්නත් ලබා දීමට කරන තීන්දු කරන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානය… ඔවුන් නිර්දේශ කරන්නෙ මුලින්ම වැඩිහිටි ප්‍රජාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල
  • එන්නතක් එලිදකිනකම්  ආරක්ෂිතව ජීවත් වීම සෑම වැසියෙකුගේම වගකීමක්.. 

කොවිඩ් සඳහා වන එන්නත ශ්‍රි ලංකාවේ ජනගහණයෙන් සියයට 20කට ලබා දීම පිළිබඳ ව පසුගියදා සාකච්ඡාවක් ඇති වුණි. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චිත්  රාජ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමනත් ඇතුළු සෞඛ්‍ය බලධාරීනුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතයනුත් ඊට සහභාගී වූහ. මේ පුවත ප්‍රචාරය වීමත් සමඟ මේ රටේ ජනතතාවත් යම් තරමක හෝ අස්වැසිල්ලක් ලැබුවාට සැකයක් නැත. මුල් අවස්ථාවේ සියයට 20ක් වුණාට පසුව රටේ ජනගහණනේ සියයට සියයක්ම කොරෝනාවලින් බේරන එන්නත ළඟදීම  එනු ඇතිය යන සුබවාදී අපේක්ෂාව සමගිනි.

මේ කියන එන්නත එන්නේ කවදාද කාටද යන්න පිළිබඳව ඒ අනුව රටේ ජනතාව තුළ කතා බහක් ඇති වුණි. මේ නිසාම ලංකාසර අපි මෙම එන්නත් පිළිබඳ මූලික සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ ගෙන් විමසීමු.

අප විසින් යොමු කරන ලද  ප්‍රශ්නයට ඇයගේ පැහැදිලි කිරීම මෙසේය.

  • අපේ රටේ ජනගහණයෙන් සියයට 20ට දෙනවා යයි කියන මේ එන්නත කුමක්ද?

සැබැවින්ම මේ එන්නත් කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතවම සඳහන් කරන්න අමාරුයි. ඒකට හේතුව මේ වනවිට ලෝකයේ කොවිඩ් වසංගතයට එරෙහිව එන්නත් 200ක් පමණ නිපදවා තිබෙනවා. මේ තරම් විශාල එන්නත් ගණනක් නිපදවීමට හේතුව මෙය එක රටකට දෙකකට විතරක් බලපෑ දෙයක් නොව ගෝලීය වසංගතයක් බවට පත්වීමයි. මේ නිසා ඇතැම් වෛද්‍ය පර්යේෂණාගාර, ඖෂධ නිෂ්පාදන සමාගම් , විශ්ව විද්‍යාල වගේ ආයතන සියල්ලම මෙම වයිරස වසංගතය මෙල්ල කිරීමේ එන්නතක් පිළිබඳව පර්යේෂණ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට එන්නත් 200ක් පමණ නිපදවා තිබෙනවා. මේ එන්නත් සියල්ලම  පමණ පර්යේෂණ මට්ටමේ ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතරින් එන්නත් 47ක් මේ වනවිටත්  මිනිසුන් ඇසුරේ අත්හදා බැලීම්වලට යොමු කොට තිබෙනවා. එයින් තෝරා ගත් 10ක් මේ වනවිට තුන්වැනි අදියරේ අත්හදාබැලීම්වලට යොමු කර තිබෙනවා. මේ අදියරේ විශාල ජන මූහයකට මෙම එන්නත් ලබාදීමෙන් පසුව එහි ගුණ අගුණ පිළිබඳව නිසි විද්‍යාත්මක පසුබිමක් යටතේ නිරීක්ෂණය කරනවා. එය මහා පරිමාණයෙන් විශාල ජන සමූහයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් පර්යේෂණයක්.   ඉහත කී එන්නත් 10න් ඇතැම් එන්නත් සඳහා මෙම තැන්වැනි අදියරේ අත්හදාබැලීම් පසුගිය ජූලි මාසයේදී ආරම්භ වුණා. මෙම අත්හදා බැලීම්වල  ප්‍රතිඵල මෙම මාසයේ අග භාගයේදී සිට එළි දැක්වෙනවා.

මෙම අත්හදා බැලීම් ප්‍රතිඵල ඊළඟට ඖෂධ නියාමනය පිළිබඳ විශේෂඥයින්, ලෝක සෞඛ්‍ය සංවිධාන විශේෂඥයින්  ඇතුළු අදාළ ආයතන මඟින් ඇගයීමට ලක් කොට නිර්දේශ කළ යුතුයි.  විශේෂයෙන් මෙම එන්නත්වල පවතින ආරක්ෂිත භාවය, ඒවායේ සාර්ථකත්වය ඇතිවිය හැකි අතුරුඵල ආදි සියල්ල පිළිබඳ පුළුල් ඇගයීමකට ලක් වනු ඇති. මෙම ඇගයීම් සඳහා ද සාධාරණ කාලයක් ලබා ගැනීමට සිදුවන අතර එයින් පසුව නිෂ්පාදකයන්ට මෙම  ඒවා වානිජ මට්ටමින් නිෂ්පාදනය කිරීම සඳහා අවසරය හිමිවෙනවා.

2020 අගෝස්තු 6 වන දින ගන්නා ලද ඡයා රූපයකි. පින්තූරයේ දැක්වෙන්නේ රුසියානු අරමුදල් වලින් Gamaleya වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පර්යේෂණ ආයතනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ් වෛරසයට එරෙහි එන්නතයි. (AFP)
  • මෙම ක්‍රියාවලිය සමඟ කොව්ඩ් සඳහා සාර්ථක යයි තහවුරු කළ එන්නතක් භාවිතයට එන්න තව කොපමණ කාලයක් යයිද?

මේ සඳහා ගත වන කාලය පිළිබඳව සැලකීමේදී දැනට කොවිඩ් 19ට එරෙහිව එන පළමු එන්නත් තොගය අප අතරට පැමිණීමට 2021 වසර මැද පමණ වන තෙක් සිටින්නට සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

කෙසේ වුවද මෙම එන්නත් වැඩි දියුණු කරන පර්යේෂකයන් සේම ලෝක සෞඛ්‍ය සංවිධානයද බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ ලබන වසරේ පළමු කාර්තුව වනවිට මෙම එන්නත්වලින් සීමා සහිත ප්‍රමාණයක් හෝ ලෝක ජනතාව වෙත එනම් විශේෂයෙන් අවදානම් සහගත කණ්ඩායම් වෙත ලබා දීමට පියවර ගත හැකි බවයි. නමුත් අපට මේ පිළිබඳව තවමත් නිශ්චිතවම කියන්න අමාරුයි.

  • ශ්‍රි ලංකාවේ ජනගහණයෙන් සියයට 20කට මුලින්ම එන එන්නත ලබා දීමට නියමිත බව කියවුණා. එන්නත මුලින්ම දෙන්නේ කාටද?

ශ්‍රි ලංකාවට පැමිණෙන මුල්ම එන්නත් තොගය සඳහා ප්‍රමුඛතාව ලැබෙන්නේ සෞඛ්‍ය සේවයේ නිරත අවදානම් සහගත කණ්ඩායමට සහ වයස්ගත පුද්ගලයන්ටයි. එය දැනට ලෝක සෞක්‍ය සංවිධානය විසින් හඳුනා ගනු ලැබ ඇති  ප්‍රමුඛතා පිළිවෙළයි.

  • එන්නත දෙවැනි අදියරේදී ලබා දෙන්නේ කාටද?

මේ වනවිට මෙම වෛරසය වසංගතය දේශ සීමාවක්, දේශගුණික කලාපයක් නැතිව සෑම රටකම පාහේ පැතිරිලා. ලෝක  සෞඛ්‍ය සංවිධානය මෙවැනි එන්නත් සාධාරණ ලෙස ලෝකය හමුවේ බෙදා ගැනීම සඳහා යම් ක්‍රියා රාමුවක් සකසා තිබෙනවා.  ඒ අනුවයි එහි පළමු අදියරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වන්නේ ලෝකයේ  සෑම රටකම ජනගහණයෙන් සියයට 20කට මෙම එන්නත් මාත්‍රාව ලැබෙන බවට සහතික වීමට. එහිදී මුලින් කීව වගේ වැඩිහිටි සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කියන අවදානම් කණ්ඩායම් දෙකට ප්‍රමුඛතාව ලැබෙනවා.

දෙවැනි අදියර්දී මෙසේ සෑම රටකම සෙසු ජන කොටස් වෙත ලබා දීම අරමුණුයි. නමුත් එතැනදී එක් එක් රටකට වෙන් වන එන්නත් ප්‍රමාණය තීරණය වන්නේ ඒ ඒ රටේ සහ එහි යම් යම් ප්‍රදේශ හෝ ජන කොටස් අතර පවතින කොවිඩ් අවදානමේ තරමයි. අවදානම වැඩි නම් වැඩි රෝගීන් ප්‍රමානයක් සිටින පැතිරීම වේගවත් ප්‍රජාවන්ට වැඩි ප්‍රමුඛතාවක් හිමි වේවි.

  • මෙම එන්නත් නිපදවීමේ ගෝලීය ක්‍රියාවලිය පිළිබඳව යමක් පැවසිය හැකිද?

 මෙම අර්බුදයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මුළු ලෝකයම අත්වැල් බැඳගෙන සිටිනවා. අලුත් එන්නතක් වෙනුවෙන් ඇති හැකි රටවල් තම මුදල් වියදම් කිරීමට ඉදිරිපත් වී සිටිනවා. මෙහිදී තීරණාත්මක කාර්ය භාරයක්  බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් 2000 වසරේදී ඔවුන්ගේ අනුග්‍රාහකත්වයෙන් බිහි කරන ලද ගැවි එලයන්ස් (Gavi Alliance) නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් සිදු කරනවා. එහි මූලික අරමුණ වී ඇත්තේද දිළිඳු රටවල ජනතාවට පහසුවෙන් එන්නත්කරණය කිරීමට අදාල පහසුකම් සම්පාදනය කිරීමයි.

මෙම සංවිධානය යටතේ පිහිටුවා තිබෙන Covax නම් එකමුතුව මූලික වශයෙන් කොවිඩ් සඳහා සාර්ථක එන්නතක් වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. එම රටවල්වල එකමුතුවක් මේ වනවිට මේ Covax සමූහයේ  ලෝකයේ රටවල් 186ක් කොවිඩ් මර්ධනය කළ හැකි එන්නතක් වෙනුවෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කැප කිරීමට ඉදිරිපත්ව සිටිනවා. ඒ අතර ධනවත් විය පැහැදම් කිරීමේ හැකියාවෙන් යුතු ඉහළ ආදායම් ලබන රටවල් 94ක් සහ පහළ අදායම් ලබන රටවල් 92ක් සම්බන්ධ වී සිටිනවා. ශ්‍රි ලංකාවද මෙම රටවල් 186ට අයත්.  ශ්‍රි ලංකාව අඩු අදායම් ලාභී රටවල් 92ට ඇතුළත් වන අතර ශ්‍රි ලංකාව  වර්ගීකරණය වී ඇත්තේ එන එන්නත මෙරට ජනතාව වෙනුවෙන් මිල දී ගත හැකි මට්ටමේ රටවල් ලෙසයි. මෙයින් ඉහළ ආදායම් ලබන රටවල් විවිධ මට්ටමින් මෙම එන්නත් නිපදවීම වෙනුවෙන්  ඒ සඳහා වියදම් කරෙනවා.

  • මේවා බෙදා හැරීමේදී රටවල් තුළ යාන්ත්‍රණය කෙසේ වෙයිද?

ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙම එන්නත් පැමිණෙද්දී ඒවා නිසි ලෙස කළමනාකරණය කොට මූලික අදියරේදී මෙන්ම දෙවැනි අදියරේදී අදාළ ජනකොටස් වෙත බෙදා හැරීමට සම්බන්ධ නිසි යාන්ත්‍රණයක් සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබිය යුතුයි. ඒ සඳහා විශේෂඥයින් මෙරට සිටිනවා.

කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් සඳහා පර්යේෂණ පවත්වන චීනයේ Shenyang හි පර්යේෂණ කණ්ඩායමක්.. AFP
  • මේ එන්නත අපට එනතුරු කොවිඩ් වසංගතය සමඟ ගැටෙන්නට අපට සිදුවෙනවා?

ඔව්. අනිවාර්යයෙන්ම. එන්නත් තවම තිබෙන්නේ පරීක්ෂණ මට්ටමේ. ඒවායේ සාර්ථක අසාර්ථක බව මත මේ කාලය එහා මෙහා වෙන්න පුළුවන්. අප අපේක්ෂා කළ කාලයට වඩා කාලයක් ගත වෙන්නත් පුළුවන්. මොකද තවමත් මේ පර්යේෂණ අවසන් නැති නිසා.

ඒ නිසයි  ලෝක සෞඛ්‍ය සංවිධානය යළි යළිත් රටවල්වල පාලනයටත් ජනතාවටත් අවධාරණය කරන්නේ දැනට මේ රෝගය පැතිරෙන්නට තිබෙන ඉඩකඩ අවුරා ලීමට හැමෝගේම කැපවීම අවශ්‍යයි කියල. අප දැනට අනුගමනය කරන රෝග පාලන ක්‍රමවේද ඒ අයුරින්ම අනුගමනය කළ යුතුයි. දැඩි විනයකින් වගකීමකින් කටයුතු කළ යුතුයි. එන්නතක් ඒවි යන බලාපොරොත්තුව මේ වැඩපිළිවෙළ ලිහිල් කළොත් එන්නත් එන විට වෙන්න තියෙන දේ අවසන් වී තිබෙන්න පුළුවන්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වස දී මරා දැමූ වන අලියෙකුගේ සිරුරක් සෙට්ටිකුලම වැව් පිටියක දී හමුවේ….

Next Post

කොවිඩ් මරණ ආදාහනය කළ යුතුමයි – ඉන්දීය විශේෂඥයෙකු අවධාරණය කරයි

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.