දැනට අතුරුදන්ව සිටින කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සුසිත් ජයවංශ නම් තරුණ ව්‍යාපාරිකයා පැහැරගැනීමට යොදාගත් වෑන් රථය අද මාතලේ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.
පසුගිය 22 වන දා තම පෙම්වතියගේ නිවසට ගොස් ඇති සුසිත් ජයවංශ එදින සිට අතුරුදන්ව ඇති අතර ඉන් පසුව පෙම්වතිය ඇතුළු ඇගේ පවුලේ අයද නිවෙස අතහැර ප්‍රදේශයෙන් පලා ගොස් තිබිණි.
ඒ ඔස්සේ පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කල අතර එහිදී තරුණයා පැහැර ගැනීමට ලක්ව ඇති බවත් ඒ අනුව ඊට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් පොලීසියට හැකි විය.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වූ බව සඳහන් වේ.