පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පළ කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අනුව තහනම් කළ යුතු සංවිධාන අතර තමන්ට හිතවත් සංවිධාන පවතින බැවින් ඒවා තහනම් කළ නොහැකි බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට කී බව යළිත් අවධාරණය කරන අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම තහනම් කළ යුතු සංවිධානයක කටයුතු කළ අයතු එක රටක් එක නීතියක් පිළිබඳව පත් කරන ලද ජනාධිපති කොමිසමේ සබාපතිතුමන් ලෙස පත් කළ බවත් සඳහන් කරති. උන්වහන්සේ මේ බව පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයා තමන් කළ කතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් යළිත් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
පසුගිය අප්‍රියෙල් 21 වැනිදා පැවැති පාස්කු ඉරිදා ප්‍රහාරයේ පස්වැනි සැමරුම අවස්ථාවේ තමන් විසින් කරන ලද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ ප්‍රතිචාරයට පිළිතුරු දෙමින් අගරදගුරු හිමියන් මේ බව ප්‍රකශහ කරති. උන් වහන්සේ එයින් අවධාරණය කරන්නේ හිටපු මෙම සංවිධාන තහනම් කිරීමට තමන්ට නොහැකි බවට අගදරගුරු හිමියන් සමග ප්‍රකාශ නොකළ බවට හිටපු ජනාධිපති වරයා පුතිචාර දක්වමින් නිකුත් කළ නිවේදනයට පිළිතුරු දෙමිනි.
අගදරගුරු හිමියන් විසින් එවන ලද සම්පූර්ණ නිවේදනය මෙසේ දැක්වේ.












