බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම්… ඒ  බව මම සහතික කරනවා! ඉරාන ජනාධිපති ප්‍රතිඥා දෙයි!

by editor
අප්‍රේල් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

උමා දිය ජනනී ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් පමණක් නොව ආසියානු කලාපයේ ජාතින් අතර උපරිම සහයෝගිතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකමේ සහතිකයක් ද වන බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි අද (24) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මෙහිදී සහතික කළ ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතියට සහ සංවර්ධනට   දායක වීමට ඉරානය සූදානමින් සිටින බවද කියා සිටියේය.

Iran

ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉරානයේ තාක්ෂණික දැනුම සහ මූල්‍ය අධාරමත ඉදි වී අද ජනතා අයිතියට පත් වූ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත කරමිනි.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මෙසේ ද පැවසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම අවස්ථාවට සහභාගීවන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත කරන ලද ආරාධනාව පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා. අපගේ රටවල් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන ඒකාබද්ධතාවයේ සංකේතයක් වන මෙම උත්සවයට සහභාගිවීමට ලැබීම ද මම මහත් ගෞරවයක් ලෙස සලකනවා.

මෙම ව්‍යාපෘතිය ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සංකේතයක් බව කිවයුතුයි. අද, අපි මෙම විශිෂ්ට බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කරනවා. නමුත් මෙහි පවතින වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපගේ රටවල් දෙක සහ ආසියානු කලාපයේ ජාතීන් අතර උපරිම සහයෝගීතාව, ඒකාබද්ධතාවය, සහජීවනය සහ එකමුතුකම මෙමඟින් සහතික කිරීම බව මම විශ්වාස කරනවා.

ඒ වගේම මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට වඩා  වැදගත් වන්නේ ඒ තුළ පවතින අප රටවල් දෙක අතර සහ ජනතාවගේ කැමැත්ත සහ අධිෂ්ඨානය බව කිවයුතුයි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඉරාන ඉස්ලාමීය ජනරජය සතු නවීන තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාගැනීමට සුදානම් බව මම ප්‍රකාශ කිරීමට කැමතියි. පසුගිය වසර 45 තුළ   ඉරානය ලබා ගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය වෙනුවෙන් බෙදා ගැනීමට අප සූදානම් බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග මනා හවුල්කාරිත්වයිකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව මම සහතික කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා ඉංජිනේරු සේවා සැපයීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා දායක වීමට ඉරානය සූදානම් සිටිනවා.

ඉරානයේ බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මෙරහබීන් ද මෙහිදී අදහස් දැක්වූයේය.  ඔහු පෙන්වා දුන්නේ ඉරානය යනු මෙවැනි තාක්ෂණික ඉදිකිරීම් ඥානය සහිත ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජාතියක් බවත්, වාරිමාර්ග හා ජලපවාහයන තාක්ෂණය අතින් ලොව ප්‍රමුඛතම රටවල් 05 අතර සිටින රටක් බවත්ය.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ මෙම හමුව අප දෙරටටම ඉතා වැදගත් අවස්ථාවක් බව කිවයුතුයි. ඒ වගේම මෙම ව්‍යාපෘතිය හරහා අප දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

මෙවැනි ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉරානය ප්‍රමුඛ පෙළේ රටක් බව කිවයුතුයි. වාරිමාර්ග හා ජලපවාහන පිළිබඳ ජාත්‍යන්තර කොමිසමට අනුව ඉරානය වාරිමාර්ග ජාල සම්බන්ධයෙන් ලෝකයේ රටවල් අතර 05 වන ස්ථානයේ සිටිනවා. ඉරානයේ තාක්ෂණික සහ ඉංජිනේරු දැනුම ඇතිව ලෝකයේ රටවල් 20ක මෙවැනි විශාල ව්‍යාපෘති 50 ක් සම්පූර්ණ කර ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබී  තියෙනවා. ඉරානය සහ ශ්‍රි ලංකාව අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීම මඟින් තාක්ෂණික හා ආර්ථික දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට ඉදිරියේ දී  අප තව දුරටත් කටයුතු කරනවා. ඔහු පැවසුවේය.

උත්සව අවස්ථාව ප්‍රමුඛ කරගෙන එක්දින නිල සංචාරකය නියැලීම සඳහා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ආචාර්ය ජමිලේ සදාත් අලමොල්හෝදා මැතිණිය ප්‍රමුඛ දූත පිරිස පැමිණියේ  අද (24) පෙරවරුවේය. ඔවුහු  මත්තල ගුවන් තොටුපළින් මෙරටට ළඟා වූහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමතිවරුන් විසින් මත්තල ගුවන්තොටුපලේ දී ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබීය.

සිය සංචාරය සනිටුහන් කරමින් ඉරාන ජනාධිතිවරයා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ තැන්පත් කර තිබූ විශේෂ ආරාධිතයන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

2008 වසරේ අප්‍රෙල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ්ගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයය. ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් එදා පැමිණියේ මෙම ව්‍යාපෘතියට මුල් ගල තැබීම සඳහා ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීට වඩා වැඩි සම්බන්ධතා ඇති කරගනිමින් අපි ඉදිරියට යමු… උමා දිය ජනනි විවෘත් කරමින් ජනපති ඉරානයට ඇරයුම් කරයි..

Next Post

උමා ඔය කොන්ත්‍රාත්කරු සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව රටට කළ ජරා වැඩේ මෙන්න… 

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.