-
රිමාන්ඩ් බන්ධනාගාරගතවන රාජ්‍ය නිලධාරීන්ගේ සියලුම වරප්‍රසාද අත්හිටුවීමේ නීතිය කෙහෙළියට නැත්තේ ඇයි?… අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රශ්න කරයි…
බරපතල ජාතික අපරාධයකට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, තමන් අමාත්‍යවරයාව සිටියදී ලබාදුන් නිල වාහන දෙක තවමත් භාර දී නැති බවත්, ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ඒම වාහන දෙක භාවිත කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
හිටපු අමාත්‍යවරයාට විජේරාම මාවතේ ලබාදී තිබූ නිල නිවසද මෙතෙක් ලබාදී නොමැති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
රාජ්‍ය නිලධාරියකු රිමාන්ඩ් භාරයේ සිටී නම් ඔහුට ලැබී ඇති සියලු වරප්‍රසාද වහා අත්හිටුවන නමුත් හිටපු අමාත්‍ය රඹුක්වැල්ල විෂයෙහි ඒම නීතිය ක්‍රියාත්මක නොවීමත්, ඔහු සඳහා දක්වන විශේෂ සැලකිලත් ප්‍රශ්න සහගත බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
ටොයොටා ප්‍රාඩෝ වර්ගයේ සහ මර්සිඩීස් බෙන්ස් වර්ගයේ එම නිල වාහන දෙක භාවිතා කරමින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍යවරයා බැලීමට ඔහුගේ පවුලේ සාමාජිකයින් වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙනෙන ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දැඩි විවේචනයකට ලක් වී ඇති අයුරු වාර්තා වේ. ( ඩේලි මිරර්)