ජයකාන්ත ලියනගේ – බළපිටිය
අඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාරේ නිවසක විසූ 43 හැවිරිදි කාන්තාවක් අද (11) උදෑසන ගෙල කපා ඝාතනය කර තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාරේ පදිංචිව සිටි ඌරගොඩ විතානගේ යමුනා නිරෝෂණී විතාන (43) නැමැති අයයි.
ඇල්පිටිය වැඩ බලන මහේස්ත්රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට අද (11) පෙරවරුවේ පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදුකර මෘත දේහය පශ්චාත් මරණ පරීක්සණයක් සදහා ඇල්පිටිය මූලික රොහලට රැගෙන යෑමට නියෝග කර තිබේ.
ඝාතනයට ලක් වූ අයගේ ස්වාමිපුරුෂයා වන ඇල්පිටියගේ ලාල් නිශාන්ත (25) නැමැති අය පොලීසියට ප්රකාශ කර ඇත්තේ අද (11) අළුයම 5.45 ට පමණ බිරිය පරිගනකයේ වැඩ කරමින් සිටියදී පැමිණි දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් බිරිදගේ ගෙල කපා පලාගිය බවයි.
ඝාතකයින් දෙදෙනා බිරිදගෙන් මුදල් ඉල්ලා සිටි බවත් මුදල් නොදුන් විට තියුණු ආයුධයෙන් ගෙලට පහර දුන් බවත් ඔහු විසින් වැඩි දුරටත් ප්රකාශ කර තිබේ.
ඝාතනයට ලක් වූ අයගේ ස්වාමිපුරුෂයාගේ ප්රකාශ සම්බන්ධයෙන් වැඩිදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. එයට අමරතව ඝාතකයින් පලාගොස් තිබේ නම් ඒ කුමන පැත්තකයටද යන්න සම්බන්ධයෙන්ද යන්න සම්බන්ධවත් පරීක්ෂණ කරන බව ඇල්පිටිය පොලීසියේ ප්රකාශකයෙක් සදහන් කලේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඝාතනයට ලක් වූ අයගේ ස්වාමිපුරුෂයා පොලීසිය විසින් අත් අඩංගුවටද ගෙන තිබේ. පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කළාද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමුව ඇත.
ඝාතනයට ලක් වූ අය කුඩා වෙලෙද සැලක් පවත්වාගෙන යන බවත් එම වෙළෙද සැල පිටුපස කාමරයක පදිංචිව සිටින බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කීර්තිසිංහ ගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වීරසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







