බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර කිරිමුහුද මළ මුහුදක් කරන අඩි 09ක් දිගට වැඩෙන රාත්තල් 300ක් බර කිඹුල් මාළුවෙක්…

by editor
මාර්තු 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අඩි 09 ක පමණ දිගට රාත්තල් 300 ක් පමණ බරක් දක්වා වැඩෙන කිඹුල් මුහුණක් ඇති බිහිසුණු මත්ස්‍ය විශේෂයක් මහනුවර වැවෙන් හඳුනාගෙන තිබේ.

මාංශ භක්ෂක ඇලිගේටර් ගා ( Alligator Gar) නැමැති මෙම මත්ස්‍ය විශේෂය දකුණු හා මධ්‍යම ඇමරිකාව  නිජබිම කර ගනිමින් හැදී වැඩුණු මත්ස්‍ය විශේෂයකි.

මහනුවර වැවේ නිරීක්ෂණය වුන ඇලිගේටර් ගා ( Alligator Gar) මත්ස්‍යයා…

ලෝකයේ රටවල් විසින්    ආක්‍රමණශීලි සත්ත්වයෙකු ලෙස සලකන මෙම මත්ස්‍ය විශේෂය  සුරතල් මසුන් ලෙස නීති විරෝධී ක්‍රම මගින් රට තුළට ගෙන්වන බවත්,  ප්‍රමාණයෙන් විශාල වූ පසු මොවුන් ජල මූලාශ්‍ර මුදා හැරීම මේ වනවිට බරපතළ ගැටලුවක් නිර්මාණය කර ඇති බවත් විශේෂඥයෝ පවසති.

පරිසර පද්ධති විනාශ කරන මෙම ආක්‍රමණික මත්ස්‍යයයා   මසුන් පමණක් නොව කුරුල්ලන් පවා ආහාරයට ගන්නා බව හඳුනාගෙන ඇත. ඉතාම සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම මත්ස්‍ය විශේෂය  මෙම මත්ස්‍ය විශේෂ හැකි ඉක්මනින් වැවෙන් ඉවත් කිරීමට කටයුතු නොකළ හොත් ඔවුන්ගේ ගහණය වැඩි වී සමස්ථ ජෛව පද්ධතියව ව්‍යසනයට ලක් විය හැකි බව පරිසර විශේෂඥයෝ  කියති.

ඇලිගේටර් ගා ( Alligator Gar) මත්ස්‍යයෙක්…

මහනුවර වැවේ උල්පැන් ගේ අසල සිට මහාමායා බාලිකාවේ ප්‍රාථමිකය දක්වා වූ  කොටසේ ස්ථාන කිහිපයක දී ඇලිගේටර් ගා ( Alligator Gar) නිරීක්ෂණ වී ඇත. එම මත්ස්‍යයන් නිරීක්ෂණය කළ  පුද්ගලයින් කිහිපදෙනෙකුම ඊට අදාළ ඡායාරූප සමාජ මාධ්‍යයට  මුදා හැරීමට ද කටයුතු කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කිඹුලෙකු ගේ හා සමාන මුහුණ ඇති විශාල ලෙස වැඩුණු මත්ස්‍යයෙකු වැවේ සිටින බවට ලද තොරතුරු මත සිදුකළ පරීක්ෂාවක දී  අදාළ මත්ස්‍යා නිරීක්ෂණය වූ බවත් ඒ සම්බන්ධව නාරා ආයතනයට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවත් මහනුවර වැවේ පොලිස් ජීවිතාරක්ෂක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්නාත් යාපා පවසයි.

මහනුවර වැවේ සිටින මත්ස්‍යාගේ ඡායාරූප අනුව එම සතා ඇලිගේටර් ගේ ලෙස නිරීක්ෂණය වන බවත් ඇලිගේටරයෙකු ගේ මුහුණ ට සමාන මුහුණක් ඇති නිසා එම නම මෙම මත්ස්‍යාට ලැබී තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරසාර පරිසර කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( පර්යේෂණ හා පරිසර කළමනාකරණ) ආචාර්ය නලීන් ගමආරච්චිගේ පවසයි.

ඇලිගේටර් ගා ( Alligator Gar) මත්ස්‍යයෙක්…

ඇලිගේටර් ගේ මත්ස්‍යා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවත් මහනුවර වැවේ මෙම මත්ස්‍ය වර්ගය සිටින්නේ නම් ඔවුන් වැව් සොරව්වෙන් මැද ඇලට පැමිණ ඒ ඔස්සේ මහවැලි ගඟ දක්වා ගමන් කිරීමට හැකියාව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මහවැලි ගඟේ අධි සංවේදී කාලපයක් වන හක්කිඳ දූපත් ආශ්‍රිතව පමණක් දැනට දක්නට ලැබෙන රතු දත්ත පොතට පවා ඇතුළත් කර තිබෙන කොළ ගඩයා වැනි මසුන් මෙවැනි ආක්‍රමණික මත්ස්‍යයන් හේතුවෙන්   ලෝකයෙන්ම තුරන් වීමේ අවධානමක් ද ඔහු මතුකරයි.

මෙම පරිසර විශෙෂඥවරු යෝජනා කරන්නේ  ගහණය තවත් වැඩි වීමට පෙර මත්ස්‍යා වැවෙන් ඉවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු  බවය.

ආක්‍රමණික ශාඛ හා සත්ත්ව විශේෂ ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණෙන බවත් ඒවා ව්‍යාප්ත වූ පසු පාලනය කිරීමට වඩා වැදගත් වන්නේ රටට ඇතුළු වීම වැලැක්වීමට විධිමත් ක්‍රියාමාර්ග ගැනීම බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරසාර පරිසර කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( පර්යේෂණ හා පරිසර කළමනාකරණ) ආචාර්ය නලීන් ගමආරච්චිගේ පෙන්වා දෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංගලියන්ට සුපිරි ජයක්… මේ තරගයේ අපට උනේ කුමක් ද?

Next Post

අධිකරණ නියෝග 06ක් කඩා , පොලිස් නියෝග නොතකා ගෝත්‍රික දේශපාලන හයිය අරන් වඩ්ඪමාන පබ්බත විහාරයේ පොංගල් උත්සව කර බන්ධනාගාරගත කළ 09 ආහාර වර්ජනයක…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.