බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ට හිමි ලාභාංශය නොදීමට විරෝධය පා සෙවනගල සිනි ආයතනයේ උක් ඇඹරීම නැවැත්තුවා. සේවකයන් කියයි

උක් අඹරන්නේ නැති නිසා උක් ටෝන් 5000ක් විතර වගාබිම් වල වේලෙනවා. ගොවින් කියයි.

by Lankasara News
මාර්තු 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
සූරියවැව නුවන් ජයසේකර

සෙවනගල සිනි ආයතනයේ සේවකයන් සදහා 2023 වසරට අදාලව ගෙවිය යුතු ලාභාංශ මෙතෙක් ගෙවා නොමැති වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෙවනගල සිනි ආයතනයේ සේවකයන් මේ වන විට සම්පූර්ණයෙන්ම උක් ඇඹරීමේ කටයුතු වලින් ඉවත්ව ඇති බවත්,සේවකයන් සදහා සාධාරණයක් ඉටුවනතෙක් යළි උක් ඇඹරීම සිදු නොකරන බවත් ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ටී.එල්.වික්ටර් මහතා ඊයේ (08) පෙරවරුවේ පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
සෙවනගල සීනි ආයතයේ සේවකයන් සදහා පවතින ගැටළු හා ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අවස්ථාවක් ඉල්ලුවත් මේ වනතුරුත් ඒ සදහා බළධාරීන් නිසි ප්‍රතිචාරයක් දක්වලා නෑ.පසුගිය 07 වන දින අමාත්‍ය වරයා සමග සාකච්ජාවත් සදහා සූදානමක් තිබුණත් මේ වන විට සිනි ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී කැළුම් ප්‍රියන්කර මහතා විදෙස් ගතව සිටින බැවින් ඔහු ලංකාවට පැමිණී වහාම බලහත්කාරයෙන් හෝ උක් ඇඹරීම සිදුකරන බවත් සේවකයන් සමග සාකච්ජා අනවශ්‍ය බවත් පවසා තිබුණා.ඒ අනුව අමාත්‍ය වරයා සමග පැවැත්විමට ගිව සාකච්ජාවත් නැවතුණා.

සේවකයන් ලෙස අපි ඉල්ලන්නේ අපිට හිමි ලාභාංශය අපිට දෙන්න කියලා විතරයි.එහෙම නැතිව සෙවනගල සීනි ආයතනය අපේ නමට ලියලා දෙන්න කියලා නෙමෙයි අපි ඉල්ලන්නේ.සෙවනගල සිනි ආයතනයේ ගිවිසුම තුළ තියෙන්නේ මෙම ආයතනයෙ වාර්ෂික ලාභයෙන් 15%ක් සේවකයන්ටත්,15%ක් ගොවියන්ටත්,30%ක් මහාභාණ්ඩාගාරයටත් හා 40%ක් ආයතනයටත් හිමි විය යුතුයි කියලා.පසුගිය 2023 වසර තුළ පමණක් සෙවනගල සිනි ආයතනය මිලියන 1600ක ලාභයක් ලබලා තියෙනවා.ඒ අනුව බැළුවම ලාභාංශ බෙදීමේදී එක් සේවකයෙකුට රුපියල් ලක්ෂ 02කට ආසන්න මුදලක් ලැබිය යුතුයි.නමුත් අපි ඉල්ලන්නේ අඩුම සේවකයෙකුට රුපියල් ලක්ෂ එක හමාර බැගින් හෝ ලබා දිමට කටයුතු කරන්න කියලයි.දැන් සිනි කිලෝ එකක් තොග වශයෙන් දෙන්නේ රුපියල් 280කට වගේ.සිනි රුපියල් 180ට දෙන කාලෙත් අපිට එවැනි ලාභයක් බෙදා දිම සිදුකලා.දැන් මේ වෙලාවේ වැඩි ලාභයක් ලබලා තියෙද්දිත් සෙවනගල සිනි ආයතනයේ පාලනාධිකාරිය සේවකයන්ට හිමි ලාභාංශය නොදි රුපියල් 40,000ක් දිලා අතපිහදාගන්න හදනවා.මේක දැඩි අසාධාරණයක්.අඩුම තරමේ ගොවියට ලැබිය යුතු 15%වත් දිමට මේ පාලනාධිකාරිය කටයුතු කර නෑ.මේ නිසා අපි අපිට ලැබිය යුතු ලාභාංශය ලැබෙනතෙක් උක් ඇඹරීම සිදුකරන්නේ නෑ.සිනි ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී කැළුම් ප්‍රියංකර මහතා මේ වෙලාවේ ඉන්නේ විදෙස්ගත වෙලා. ඔහු ලංකාවට ඇවිත් බලෙන් හෝ උක් ඇඹරීම කරනවා කිව්වා. අපි එතුමටත් කියනවා පුළුවන් නම් බලෙන් උක් අඹරන්න එන්න කියලා යැයි පැවසීය.

සෙවනගල සේවකයන් උක් ඇඹරීම නවතා දැමිම හේතුවෙන් මේ වන විට උක් ගොවීන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ගොවීන් චෝදනා කරති.ගොවින් පවසන්නේ අස්වනු නෙලන ලද උක් ටොන් 5000ක් පමණ මේ වන විට තැන තැන වේලෙමින් පවතින බවත් එය දැරිය නොහැකි පාඩුවක් බවත්ය.මේ නිසා සෙවනගල සීනි ආයතනයේ පානාධිකාරිය මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් ගොවීන් අපි සියළු දෙනා එක්ව උක් අස්වනු නෙලීහම නවතා අතහැර දමන බවයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ නියෝග නොතකා පොංගල් පූජා පැවැත්වීමට ගිය පූසාරි අත් අඩංගුවට

Next Post

කැනඩාවේ ඝාතනය සිදුකර ඇත්තේ වෙඩි තැබීමකින් නොවේ….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.