බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

යකෝ… ඇත්තටම තොපි පොලිසියෙ ද?… ජාතික රෝහලේ අම්මලා තාත්තලා සරසවි සිසුන්ට ගැසූ පොලිසියෙන් ඇසූ කතාව….

by editor
මාර්තු 7, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

බොරැල්ල මංසන්ධිය ඊයේ මේ රටේ සංවේදී මිනිස්සු යළිත් කම්පනයට පත් කළේය. කතා කරන්න ඉඩක් නැති, ව්‍යවස්ථාපිත අයිතියක්වූ  අදහස් ප්‍රකාශයට අයිතියක් නැති, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අංගයක් වූ විසම්මුතියට ඉඩක් නැති අශිෂ්ට පාලනයක ම්ලේච්ඡත්වය ඒ පොලිස් මර්ධනය තුළ ලියැවී තිබිණි.

ඊයේ  අප දුටුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු  මධුෂාන් චන්ද්‍රජිත් තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් පහර දී අත් අඩංගුවට ගනු ලැබු ආකාරය ය. සෑම ස්මාට් ෆෝන් එකක්ම කැමරාවකි.  සජීවීව ලෝකය පුරා විකාශයවන කැමරා දහස් ගණනක් ඉදිරියේ පොලිසිය හැසිරුණ වියරු ස්වරූපය සම්බන්ධව මේ වනවිට ලෝකය කතා කරමින් ඇත.  බංකොලොත් වූ රටක මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී   සිදුවීම් බියක් සැකක් නැතිව පෙළ ගස්වන්නේ ජිනීවා මානව හිමිකම් සැසිය ක්‍රියාත්මකව තිබියදීය.

මානව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරයා විසින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අවහිර කිරීම සහ ඒ වෙනුවෙන් අණ පණත් සම්මත කරගැනීමත්,  මානව හිමිකම් කඩකිරීමේ වරදකරුවෙක් වු පුද්ගලයෙක් පොලිස්පති කිරීමත් සම්බන්ධව සිය විරෝධය ප්‍රකාශ කර දින දෙක්ක ගතවීමට පෙරදීය.

මුං අරුම මිනිසුන් වන්නේ ඒ නිසාය. එක්කෝ මුන්ට අත්තන ඇට කැවී සිහිය විකල් වී ඇත. නැතිනම් අමුතු පොලිස්පතිත් පත් කරගෙන ආණ්ඩුව “ඩූ ඕ ඩයි” ගේම පටන් ගෙන ඇත.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

  • හෙට සිට උද්ඝෝෂණ

සරසවි පද්ධතිය තුළ පාඨමාලා සඳහා මුදල් අයකිරිම හා  සම්බන්ධ රජයේ  වෑයමට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාලයේ සිට  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත සිසුන් මේ පාගමන සංවිධානය කර තිබිණි. දරාගත නොහැකි ජීවන බර අතර මහපොල ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙසත්, සරසවි පද්ධතියට වෙන් කරන ප්‍රතිපාදන කපා නොදමන ලෙසත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් සරසවි පාඨමාලා සඳහා ගාස්තු අය කරන ක්‍රමය නවත්වන ලෙසත් උද්ඝෝෂක සිසුහු ඉල්ලා සිටියහ.

එම    සරසවි ශිෂ්‍ය පා ගමනට නින්දා සහගත ලෙස ප්‍රහාරයක් එල්ල වූයේය.

“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා එකක් ගෙනත් සම්පූර්ණයෙන් නිදහස් අධ්‍යාපනය නැති කරලා දාන්න හදන්නේ. ඒ වගේම මේ වනවිට විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන කැපෙනවා. ඒ ප්‍රශ්නවලට උත්තර ඉල්ලගෙන අපි මහ පාරට ආවට පස්සේ  මෙන්න මේ විදිහට තමයි රනිල් වික්‍රමසිංහලා අපිට සලකන්නේ. “   අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත්  මාධ්‍යයට කීවේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් ඉන්ද්‍රජිත්  අත් අඩංගුවට ගත් අවස්ථාව…

මේ වචන ටික පවසනවාත් සමගම   අපරාධකරුවෙක් අත් අඩංගුවට ගන්නා සේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ තවත්  ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්   කොටුකර  පහරදී අත් අඩංගුවට ගන්නා ආකාරය පටිගත වූ දර්ශනවල තිබිණි.

එම අනීතික මානව හිමිකම් කඩ කිරීමේ අපරාධයට  එරෙහිව අද දහවල් 12ට විරෝධතා උද්ඝෝෂණයක් විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට සංවිධානය කර ඇත්තේය. එය විරෝධතා මාලාවක් ලෙස පැවැත්වීමට ශිෂ්‍ය ක්‍රියාකාරීහු සූදානම් වෙති. ඔවුන් සමග රටේ මානව හිමිකම් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීහු පෙළ ගැසී සිටිති.

  • මොකක්ද සර් මෙකේ තේරුම

තරුණ දරුවන් පොලිසියෙන් ප්‍රශ්න කරන අවස්ථාව…

මොකක්ද සර් මේකේ තේරුම.   පාරට බැස්ස ගමන්  අපිට ගහන්නේ ඇයි. අපි ආවේ යූ.ජී.සී. එකට ගිහින් අපේ ප්‍රශ්නවලට උත්තර හොයන්න.  මහපොළ ටික හරියට වැටෙන්නේ නෑ. බර්සරිය වැටෙන්නේ නෑ. අපිට කන්නවත් විදිහක් නෑ.  සර් ලා සල්ලි කාරයො ද?. සර්ලගෙ ළමයින්ට සල්ලි දීලා උගන්වන් පුලුවන් හයියක් තියනව ද?. අපි ආවේ තව අවුරුදු තුනකින් වෙන ඒ විනාශය නවත්තල දෙන්න කියන්න.  ඒවා විසඳන්න එළියට ආවට පස්සේ ඇයි අපිට මෙහෙම කරන්නේ. “

තරුණ දරුවෙක් පොලිසියෙන් විමසන සංවේදී කතාව අසා සිටියෙමු. හැඟීම් මරා දමා ස්වකීය තනතුරු සහ වරදාන වෙනුවෙන් හෘදයා සාක්ෂිය පාවා දෙන  තරු රාජ්‍ය ලාංචන සහිත අශෝබන අර්ධ මිනිසුන්  හැර  කුළු පොළු ගත් උන් අතර සිටි වැඩි දෙනෙක් හැඟීම් බර වනු දක්නට ලැබිණි. උන්ගේ මුහුණුවලින් පෙනුනේ නිල ඇඳුමට ඇතුළෙන් ඉන්නා දුක් විඳින මිනිසා මතුවෙමින් සිටිනා බවය.  .

අපි ආවේ කතා කරන්න. මහත්තයො… කතා කරන්නවත් බැරි රටක කොහොමද ඔයගොල්ලොයි අපියි ජීවත් වෙන්නේ. තරුණයෝ අසති.

  • මිනිස්සුන්ගේ ප්‍රතිචාරය

ඒ ප්‍රහාරයේ මැරකම බොහෝ මිනිසුන් පිරිසක් සංවේදී කර තිබිණි. පොලිසිය සරසවි සිසුන්ට පහර දෙද්දී ඒ තරුණ දරුවෝ  ජාතික රෝහල අසලට එක්වුහ. රෝහල් සේවක පිරිස් දිවගෙන පැමිනෙන අයුරු දිස් විය. මේ පිරිස පොලිසියේ මැරකම තරු පටි සහිත ලොක්කන් ඉදිරියට ගොස් මූණටම ප්‍රකාශ කළහ. උන්ගේ ආවේගය කෙටිය. අවංකය. ඍජුය. එක් රෝහල් සේවකයෙක් එතැන සිටි පොලිස් ලොක්කා ඉදිරියට ගියේය.  .

උඹලා පොලිසියෙ ද?

“ මේ ළමයි යකෝ… උඹලටත් ළමයි ඉන්නවනේ…”  ඒ තාත්තා එක දිගට පොලිස් ලොක්කාගේ මූණටම කිව යුතු දේ කියමින් සිටියේය. අවටින් හඬ නැගිනි.

“ මේ පාදඩකම් කරන්න එපා… තොපි පොලිසියෙද?… තොපි රජයේ සේවකයො ද?, මෙහෙම ළමයින්ට ගහන්න එපා…”  සමහර මව්වරු හඬා වැටෙනු දක්නට ලැබිණි.

ජාතික රෝහල අසල රැස් වුන සරසවි සිසු කණඩායම සිය විරෝධතාවය දක්වා පිටත් වී ගියේය. අන්තරේ කැඳවුම්කරු නිදහස් කරන තුරු අඛණ්ඩ විරෝධතා මාලාවක් ජාත්‍යාන්තරටයත් දැනෙන ලෙස දියත් කිරීම මේ ශිෂ්‍යයන්ගේ අරමුණය.

එළියට බහින විට පහර දි නැවැතවිය හැකි දේ තිබේ.  එහෙම කාලයක් මිට දශක දෙක තුනකට පෙර තිබුනේය.  ඒ කාලය පැන ගොස් ඇති බව මේ රට කරන ජරපත් මහල්ලන් තේරුම් ගත යුතුව ඇත.  මක්නිසාද යත් ඒ තේරුම් ගැනීම මේ රටේ අනාගතයට වැදගත් බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි ගහන්නේ විස්සයි 21….

Next Post

මං පැන්නූ හැටි හෙවත් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය”… හාහා රිඇක්ට් දැම්මොත් තොපි අපායේ යනවා…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.