බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පඬුරු බැඳගෙන “පේරාදෙණිය වළ” රැක්ක  “වළේ අංකල් “

by editor
මාර්තු 2, 2024
in ජීවිතය
Share on FacebookShare on Twitter

සමන්ති වීරසේකර-

  • වළේ නාට්‍ය උත්සවයක් දවසට වැස්සෙන් බේරගන්න කියලා ගැටඹේ පන්සලට ගිහින් පඬුරු බැඳලා බාර වෙන්න කියන්න අදටත් විශ්ව විද්‍යාලයේ දරුවෝ මාව හොයාගෙන එනවා!

  • ජයලත් මනෝරත්න මහත්තයා “කෝ.. අංකල් කියලා” කෑගහගෙන තමයි වළට එන්නේ!

උසස් අධ්‍යාපනය ලබන්න විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙනවා කියන එක දක්ෂතාවයත් වාසනාවත් එකතුවෙලා ලැබෙන දෙයක්… ජීවිත කාලයෙන් වසර පනහක් ම විශ්ව විද්‍යාලයක් තුළ උගතුන්ගේ ඇසුර ලබමින් ඉන්න ලැබෙනවා කියන එක ඇත්තටම වාසනාවක්….

ඒ වාසනාව උපරිමයෙන්ම භුක්ති වින්ද  අදටත් ඒ මතකයන් සමගින් සතුටින් ජීවිතය අත්විඳින පුද්ගලයෙක් තමයි ජී.බී.පියදාස . නැත්නම් පියදාස අංකල්.  තවත් විදිහකට කියනවනම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය  ඇසුරේ ජීවත් වුන හැමෝම දන්න වළේ අංකල්…

ජී.බී.පියදාස… නැතිනම් කවුරත් දන්න වළේ අංකල්…

” ඇත්තටම මං වාසනාවන්තයි තමයි. පණ්ඩිතරත්න මහත්තයාගේ ඉඳලා අද ඉන්න ළමාවංශ මහත්තයා දක්වා උපකුලපති මහත්තුරු හත් දෙනෙක් අට දෙනෙක් එක්කම මම විශ්වවිද්‍යාලයේ වැඩ කරලා තියෙනවා. ඒ හැම දෙනාම මට හරි ආදරෙයි. මට භාර දුන්න වැඩක් මම අතපහු කරල නෑ, විශ්ව විද්‍යාලය ඇතුලේ මම වැඩ කළේ පුදුම උද්යෝගයකින්…”

පියදාස මහතා කතාවට මුල පුරමින් කීවා. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කාර්යාල කාර්යය සහායක ලෙස රැකියාවට පැමිණ ඇත්තේ 1978 දෙසැම්බර් දහතුන් වැනිදා. ඔහුට විශ්වවිද්‍යාලයේ රැකියාව ලබා ගැනීමට අවස්ථාව සලසා දී  තිබුයේ එවකට ආරක්ෂක අමාත්‍ය ටීබී වේරපිටිය මහත්තයා.

University of ceylone ලෙස 1941 අප්‍රේල් මාසයේ කොළඹින් පේරාදෙණිය භූමිය වෙත රැගෙන එන්නට කටයුතු කොට තිබුණේ එවකට අධ්‍යාපන අමාත්‍ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහතායි. ශ්‍රීමත් ආචාර්ය අයිවෝඩ් ජෙනින්ස් මහතා විදුහල්පති ලෙස වැඩ භාරගෙන තිබූ අතර වසර 1972 දී university of Sri Lanka peradeniya campus ලෙස නැවතත් සංශෝධනයන් සිදුවී තිබුණා.   1977 පත් වූ නව රජය විසින් 1942 ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආඥා පනත සංශෝධනය කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක් ද සෙනෙට් බලතල සහ උපකුලපති තනතුරු ඇති කරමින් 1978 දී university of peradeniya ලෙස මෙම උසස් අධ්‍යාපන ආයතනය නම් කළා.  පියදාස  අංකල් රැකියාවට පැමිණ තිබුණේ මේ කාලයේදි. එනම්   මේ උසස් අධ්‍යාපන ආයතනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය විදිහට රූපාන්තරණය වු කාලයේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

” මම මුලින්ම විශ්ව විද්‍යාලයට ආවේ කම්කරුවෙක් විදිහට. ඇවිත් ටික දවසකින් විශ්වවිද්‍යාලයේ දුම්බර මණ්ඩපයේ සේවයට ගියා. එතකොට දුම්බර මණ්ඩපය තිබුණේ පොල්ගොල්ලේ. මීගහකොටුව මහත්තයා තමයි රෙජිස්ටාර් විදිහට කටයුතු කරේ. අවුරුදු දහයක්ම එහි වැඩ කළා.  පස්සේ 1988 දුම්බර මණ්ඩපය පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියට ගෙනාවා. ඔන්න එතකොට මමත් ආපහු පේරාදෙණිය භූමියට ආවා. දැන් පොල්ගොල්ලෙ විවෘත විශ්ව විද්‍යාලය තියෙන්නේ ඉස්සර  දුම්බර මණ්ඩපය තිබුණ තැන තමයි. ….” පියදාස අංකල් බොහොම උජාරුවට අතීතය සිහිපත් කළා.

ස්වභාවික සෞන්දර්යයෙන් අනූන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට   අභිමානයක් කළ  තවත් එක් භූමි ප්‍රදේශයක් තමයි එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය. එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍යවේදියාණන් විසින් 1956 දී මනමේ නාට්‍යය නිර්මාණය කළා. මනමේ  නොසිතූ   අන්දමින් රට පුරා සුප්‍රසිද්ධියට පත්වුනා. ” මනමේ නාටකය  එළිමහන් රඟහලක දැක්වීම තරම් ප්‍රෙක්ෂකයාට සමීප වන වෙනත් තැනක් නැතැ” යි සරච්චන්ද්‍රයන්  නිතර නිතර කියා තිබුණා. සරච්චන්ද්‍රයන්ගේ මේ ප්‍රකාශය පිළිබඳ විශ්වාසය තැබූ  විශ්වවිද්‍යාලයේ එවකට විදුහල්පති (උපකුලපති) සර් නිකලස් ආටිගල මහත්මයා මනමේ රඟ දැක්වීම පිණිස සුදුසු එළිමහන් තැනක් පිළිබඳ කතිකාවක් ඇති කළා. ඒ රටපුරා මනමේ ප්‍රසිද්ධ වී ඇති තරම දැනගෙන මිස වෙනෙකක් නිසා නොවෙයි . ගල හා මංසන්ධියේ සිට  විශ්ව විද්‍යාලය මධ්‍යයේ වන මහ කන්ද මාර්ගයේ කිලෝමීටරයක් ඇතුළට වන්නට ඇති හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය අසල භූමිය ඊට සුදුසු යැයි තීරණය වුණා. ඒ අනුව එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා පියගැටපෙළක් සහිතව වළක් වැනි භූමියක නාට්‍ය රඟ දැක්වීමට සුදුසු පරිදි බිම සැකසීමට උපදෙස් ලබා දී  තිබුණා…

පියදාස අංකල් වළේ  අංකල් වීම

ඒ අනුව 1958 පෙබරවාරි මාසයේ රාත්‍රියක මනමේ  නාට්‍ය එහි රඟ දැක්වුවා. වේදිකාව මත ගිනිකූරක් දැල්වුවද ඉහළ කෙළවරේ සිටින ප්‍රේක්ෂකයාට එම හඬ සියුම් ලෙස එලෙසම ඇසෙන පරිදි ස්වභාවික ශබ්ද විකාශනයකින් යුක්ත මෙම එළිමහන් රංග පීඨය ශ්‍රී ලංකාවේ හමුවන එකම ස්වභාවික ශබ්ද විකාශනයක් ඇති එළිමහන් රංග පිහිටයි. එය ග්‍රීසියේ  එපිඩෝරස් පුරාණ රඟහල (Ancient Theatre of Epidaurus) ට බෙහෙවින් සමාන කමක් දක්වනවා. ඉදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ ආරම්භය සනිටුහන් වන්නේ එලෙසයි.

පනස් හයේ ඉදිවන මෙම එළිමහන් රංග පීඨයේ ආරක්ෂාවත් එහි නාට්‍ය දැක්වීමට වෙන්වන කාල පරාසයෙනුත් පිළිබඳ අවබෝධයක් සහිතව කටයුතු කිරීමට බාර වන්නේ පියදාස අංකල්ටයි. කෙටියෙන්ම කියතොත් සරච්චන්ද්‍ර මහතා නිමැවූ වළේ  වැඩිම කාලයක ආරක්ෂකයා වූයේ වළේ අංකල්.

” එළිමහන් වේදිකාව ඒ කාලේ තිබුණේ පොල් අතු වියල හදපු තැනක් විදිහට. ටිකට් කවුන්ටරයත් පොල් අතු වහලයක් සහිත පොඩි තැනක් විදිහටයි හදලා තිබුනේ. නාට්‍ය රඟපාන්න ආපු හැමෝම වළේ වේදිකාවේ පිටිපස්සේ හදලා තිබුණ තැනක ඇඳුම් ආයිත්තම් තියලා , වරින් වර දුවලා ගිහිල්ලා මාරු කරලා එනවා. මුල් කාලේ ඒවා තහඩුවලින් වෙන් කරලා තමයි තිබුණේ.

ඒකාලේ රඟපානකොට අපේ ඇඟටත් ඒක දැනෙනවා. ගීත ගායනා කරනකොට දෙබස් කියනකොට වළේ ඉහළ කෙළවරේ ඉන්න කෙනාටත් ඒක ඒ විදිහටම ඇහුනා. මොකද මම දවසක් ගිහිල්ලා අහගෙන හිටියා එතනට දෙබස් ඇහෙනවද කියලා බලන්න. මම නාට්‍යයක් වේදිකාගත වෙනකොට හැමදාම වේදිකාව පිටිපස්සේ කොටසේ තමයි හිටියේ. ඒ වෙලාවට මටත් හිතෙනවා හයියෙන් දෙබසක් කියන්න.

වළේ මතකය

“සරච්චන්ද්‍ර මහත්තයා උස මහත කෙනෙක් නෙවෙයි බොහොම පුංචියි සිරුරෙන්. ඒ උනාට වැඩ පුංචි නෑ.   .”වළේ අංකල් අතීතය මතක් කළා.

වළේ   මනමේ නාට්‍යයෙන්  පසුව කදාවළළු, එලොව ගිහින් මෙලොව ආවා,  වෙල්ල වැහුම්, සිංහබාහු ආදී සරච්චන්ද්‍ර මහතාගේ වේදිකා නාට්‍ය රැසක් වේදිකාගත  කළා. ඒ හැම නාට්‍යයක්ම සරච්චන්ද්‍ර මහත්තයගේ.

මෙරට ප්‍රසිද්ධ තලයේ වේදිකා නාට්‍ය නිර්මාණකරුවන් වන ජයලත් මනෝරත්න සෝමලතා සුභසිංහ , දයානන්ද ගුණවර්ධන බන්දුල ජයවර්ධන, සුගත් සමරකෝන් ආර් ආර් සමරකෝන් ධර්මසිරි බණ්ඩාරනායක ආදී නිර්මාණකරුවන්ගේ වේදිකා නාට්‍යය  සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ රංග ගත කෙරුණා. ඒ සෑම නාට්‍යයක්ම වළේ අන්කල්ගේ ජීවිතයේ රසබර මතක සමග එක්වී තියනවා.

” සරත්චන්ද්‍ර මහත්තයාගේ නෝනා තමයි පහු කාලයේ මනමේ සිංහබාහු අරගෙන ආවේ. මට මතකයි දුව එහෙම හරිම සීදේවි. අංකල් කිය කිය එහෙ මෙහෙ දුව පැන පැන හිටිය මට මතකයි. ජයලත් මනෝරත්න මහත්තයා ඒ කාලේ එන්නේ කෝ මේ අංකල් කොහෙද කියාගෙන. ශ්‍රියන්ත මෙන්ඩිස් වසන්ත විට්ටච්චි , දීපානි සිල්වා බන්දුල විජේවීර රොඩ්නි වර්ණකුල රත්නාලාලී ජයකොඩි මාදනී මල්වත්ත මේ හැමෝම මා එක්ක හරිම සුහදයි. නාට්‍යයකට ආවහම මම මට හැකි උපරිමයෙන් මේ හැමෝටම උදව් කළා. ඉතිං කවුරුත් එන්නේ මාව හොයාගෙන.”

අතීතයේ එක් දවසක… නාට්‍යයක් පටන් ගන්න පෙර වළේ අංකල් වතාවත් සමග…

“අනිත් විශේෂම කාරණාව තමයි වළේ අස්සක් මුල්ලක් නෑර හැම තැනක් ගැනම මම හොදින් දැනගෙන හිටපු එක. මට මතකයි… වළේ නාට්‍ය බලන්න මහා සෙනඟක් පිරුණ හැටි. ගොඩක් වෙලාවට ර් සිංහබාහු, මනමේ, මහාසාර වගේ නාට්‍ය බලන්න. පහු කාලයේ ජයලත් මනෝරත්න මහත්තයාගේ නාට්‍ය බලන්නත් මහ සෙනඟක් ආවා. ඒ නාට්‍යවළ අපි හිතන්නැති තැන් වළ හරීම හාස්‍ය රසයක් තිබුණනේ.  ඒ වෙලාවට ප්‍රේක්ෂකයො හිනා වෙද්දි අවට ගහ කොළ පවා හෙලවෙනවා . හරි සිරියාවක් තිබ්බා වළේ නාට්‍යයක් රඟ දක්වද්දී…..”

ගැටඹෙ පන්සලේ බාර ගැට ගැසූ හැටි

නාට්‍ය කලාව හා බැඳුණු මත විශ්වාස  පියදාස අංකල්ටත්  හුරු වෙලා තිබුණා.   ඒ විශ්වාසයන් එපරිද්දෙන්ම සත්‍යයක් බවට සනාථ වූ අවස්ථාද එමටයි. දින හතක් වළේ නාට්‍ය උළෙලක් පැවැත්වීමේ සිද්ධියක් හරහා එක් කතාවක් මතුවෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “වළ සතිය” යනු එක දිගට නාට්‍ය හතක් පෙන්වන නාට්‍ය සැනකෙළියක්. වළේ පෙන්වන නාට්‍යයක ට මහා සෙනඟක් පැමිණියහොත් නාට්‍ය සාර්ථකයි. ඒ නිසාම ” වළ ගොඩනං නාට්‍යත් ගොඩ” කියා කියමනක්ද තියනවා. ඒ දින හතේ දී වැහි නොවැටෙන්නට පියදාස අංකල්  බාරහාර වෙන්නට පුරුදුව  හිටියා. ඒ ඔහු දන්නා කාලයේ සිටයි. ඒ කියන්නේ වළ සතිය  ඇරැඹූ කාලයේ සිටයි. බාරහාර වූ පසුව ඇත්තටම ඒ දින හතට වැසි වැටුණේ නැති බව ඔහු කියනවා.

” පොල් ගෙඩියයි මල්වට්ටියයි රුපියල් දහයයි  ශත පහනයි හඳුන්කූරු ටිකයි අරගෙන ගිහිල්ලා මම ගැටඹේ පන්සලේ භාර වෙනවා. දින හතේ නාට්‍ය හතම සාර්ථකව පෙන්නගන්න හැකි වෙන්න වැස්සෙන් බේරලා දෙන්න කියලා තමයි භාර වෙන්නෙ. විෂ්ණු දෙවියන්ටත් පහන් පත්තු කරලා වැස්ස වලාහක දෙවියන්ට බාර වෙලා ආවට පස්සේ නාට්‍ය කරන හැමෝටම ඒ ගැන ලොකු විශ්වාසයකුත් තිබුණා. මං ගැන හැමෝම ප්‍රසාදයෙන් කතා කළා.

අනික වහින දවස්වල කොච්චර වැස්සත් කවදාවත් වළ පිරෙන්න වතුර රැඳෙන්නෙ නෑ. මේවා හදල තියෙන්නෙත් විශ්වකර්මයකින් වගේ. අදටත් දරුවෝ මාව හොයාගෙන එනවා අනේ අංකල් දවස් හතේ නාට්‍ය ටික බේරලා දෙන්න බාර වෙන්නකෝ කියලා… මට පුදුම සතුටක් එතකොට දැනෙන්නේ.. විශ්‍රාම අරගෙන ගෙදර ආවට තවමත් මම ජීවත් වෙන්නේ විශ්ව විද්‍යාලයේ…”

වළේ අන්කල්     විශ්ව විද්‍යාලය තුළ  කෙතරම් අවංකව ළෙන්ගතුව සහ කැපවීමෙන් වැඩ කළාද කියා සියල්ලෝම දන්නවා. එදා සිට 2022 දෙසැම්බර් 22 දක්වා කාලය තුළ වළ වේදිකාවෙත් පශ්චාත් උපාධි ආයතනයේ   යතුර තිබුනේ වළේ  අංකල්  ලඟ. 2015 වසරේ විශ්‍රාම යා යුතුව තිබුණත්  එතැන් සිට වරින් වර සේවා දිගු ලබාදෙමින් විශ්වවිද්‍යාලය තුළ අන්කල් රඳවා ගැනීමට පරිපාලනය කටයුතු කර තිබුණා. එයින් උද්දාමයට පත්වන ඔහු ට ඒවා වචන බවට පෙරළුයේ මෙහෙමයි.

” මම අවංකව සේවය කළ සේවයට අවුරුදු විසිපහක් පිරෙන කොට මට ලෝකඩ පදක්කමක්  දුන්නා.    මගේ සේවය අගයලා හැමෝම කතා කළා. අන්තිමට ගෙදර එන දවසෙ පශ්චාත් උපාධි ආයතනයෙන් මට සමරු පලකයක් දුන්නා. ඒකේ ලියලා තියෙන දේ මං හුඟක් වෙලාවට ගෙදරදි කියවනවා. ඒ කියවන ගානේ මම විශ්ව විද්‍යාලය තුළ ජීවත් වෙනවා කියලා මට දැනෙනවා.”

“අවුරුදු හතලිහයට වඩා වැඩි කාලයක්   විශ්ව විද්‍යාලයේ ගත කළ කාලයේදී මට උදව් කරපු හැමෝම මං මේ වෙලාවේ මතක් කරනවා. උපකුලපතිවරු  මහාචාර්යවරු ආචාර්යවරු  අනිත් හැම නිලධාරියෙක්ම ආරක්ෂක අංශයේ මහත්තුරු වගේම හැමදරුවෙක්ටම ස්තූති කරනවා මම  විශ්ව විද්‍යාලයේ ජීවත් උන කාලයේ සතුටින් වැඩ කරන්න පුළුවන් පසුබිමක් හදලා දුන්නට. වගේ ම සතුටින් මතක් කරන්න මතකයන් ඉතුරු කළාට…. . ” දෑ

ස් අග රැඳි කඳුළු බිඳු පිසිමින් ඔහු සිනාසුනා.  තවමත් ඔහු ඒ අතීතයට ආදරය කරමින් ජීවත් වෙනවා. ඒ මතකය  නිරන්තරව අවදිවන විශ්ව විද්‍යාලයෙන් ලද තිළිණයේ සටහන් කර තිබුණේ මෙහෙමයි.

“අමතක කරන්න එපා…  ඔබට ආදරේ කරන අයව…
අමතක කරන්න එපා … සැපේ දී නැතත් දුකේදී ළඟ හිටපු අයව ..
අමතක කරන්න එපා. .. ඔබව සාධාරණ විවේචනය කළ අයව ..
අමතක  කරන්න එපා ..නුඹේ මුවට සිනහවක් ඇතිකළ අයව..
අංකල් ,
කොහොම අමතක කරන්නද….,?
අපේ හදවතට කතා කරපු ඔබව….!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක රිමාන්ඩ්!

Next Post

ඊයේ අහුන්ගල්ලේ ඝාතකයන් පැමිණි යතුරුපැදිය කිරිල්ලඇලේ ගිල්වා තිබිය දී සොයා ගනී…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.