බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දුම්රිය හරස් මාර්ගවල මරණය සංඥාව තබා කෝටි ගණන් පගාගැසු දුම්රියේ පිශාචයෝ…      

by editor
පෙබරවාරි 24, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිනු හා විදුලි පද්ධති 200ක් ස්ථාපනය කිරිමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අන්ත දූෂිත බව හෙළි වෙයි. තාක්ෂණික කමිටුව කැබිනට් එකත් අන්දලා සවි කළ පද්ධති 200න් 50ක් වගකීම් කාලයටත් පෙර අක්‍රීයයි!

  • දුම්රිය සංඥා අක්‍රීය වීම හේතුවෙන් දැනට සිදුවි ඇති රිය අනතුරු මරණ 04යි…

  • ලෝකයේ කිසිම තැනක මින් පෙර සවි කර නෑ… ජාත්‍යාන්තර ප්‍රමිතියට අනුකූල නෑ… සැපයුම්කරු රජය හා සම්බන්ධ ආයතනයක් කීවත් එයත් බොරුවක් බව හෙළි වෙලා..

  • ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවයක් නැහැ. කොන්ත්‍රාත්කාර සමාගම සපුරාලිය යුතුව තිබු මුලික සුදුසුකම් 06 වත් සපුරා නැහැ. කොන්තාත්තුව අවලංගු කළ සමාගමට වසර දෙකකට පසු  යලි කොන්ත්‍රාත්තුව දිලා. දුම්රිය දේපාර්තමේන්තුවට වු පාඩුව රුපියල් විසි හතර කෝටි විස් එක් ලක්ෂ තිස් දහසක් බව විගණනය කියයි.

 වර්ෂ 1864 දි  සුද්දෝ  මෙරටට දුම්රිය ප්‍රවාහනය හදුන්වා දුන්හ. එතැන් සිට දැන්  160කට ගත වී ඇත්තේය. දුක හිතෙන්නේ   මේ දක්වාම  මෙරට දුම්රිය හරස් මාර්ගයන් සඳහා නිශ්චිත  ආරක්ෂිත ක්‍රමවේදයක් තවමත් නොමැති බව ඇසෙන විටය.

අද අප දකින්න‍ෙ  දුම්රිය හරස් මාර්ගවලදි සිදුවන අනතුරු සංඛ්‍යාව වැඩි වී ඇති බවය.  ජිවිත සහ දේපල හානි නිරන්තරයෙන් සිදුවෙමින් ඇති අයුරුය.   දුම්රිය හරස් මාර්ගවලදි සිදුවන අනතුරුවලින් දුම්රිය ප්‍රමාදවීම සහ දුම්රිය දේපලවලට   හානි වීම වාර්තා වෙමින් තිබේ.  වක්‍රාකාරයෙන් එය රටේ ආර්ථිකයක කොනහන්නේය. සමාජ ප්‍රශ්න උපදින්නේය.

මෙරට  දුම්රිය දේපාර්තමෙන්තුවේ දත්තවලට අනුව   දුම්රිය හරස් මාර්ග සදහා වු ආරක්ෂණ පද්ධති  නිසිපරිදි ස්ථාපනය නොකිරීම හා නඩත්තු නොකිරීම හේතුවෙන්   ඉකුත් වසර 23ක කාලය තුළදි  දුම්රිට අනතුරු 1501ක් සිදුවි තිබුණි. එම කාලසිමාව තුළදි පුද්ගලයින් 298 දෙනෙකු මිය ගියහ.    තුවාල ලැබු සංඛ්‍යාව 1054 දෙනෙකි.

දුම්රිය හරස් මාර්ගවල  සිදුවු අනතුරු හේතුවෙන් පසුගිය වසර 12 තුළදි (2010 2021) දුම්රිය එන්ජින් හා  දුම්රිය  මැදිරිවලට වි ඇති හානිය හා එවා නැවත අලුත්වැඩියා කිරිම සඳහා සේවක පඩිනඩි ඇතුළුව    රුපියල් තුන්කෝටි හැටලක්ෂ අනු තුන්දහස්, තිස්නමයක  (36,093,093)  වියදමක් දුම්රිය දේපාර්තමේන්තුව දැරුවේය.

දුම්රිය  අනතුරු වලදි මියයන පුද්ගලයින් සදහා  වන්දි ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළක්  නැත. මිය යන පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින්ගේ ජිවන තත්ත්වය   මෙන්ම   ඔවුන්ගේ පවුල්වල  සාමාජිකයින්ට සිදුවන  පිඩා පිළිබද සොයාබැලිමේ ක්‍රම වේදයක් ද  නැත.  මේ මගහැරීම සිදුවන්නේ  මෙරට දුම්රිය  හරස් මාර්ග ආරක්ෂණ පද්ධති ස්ථාපනය කොට ඇත්තේ ද විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවුන තත්ත්වයක් තුළය. ඇතැම් ස්ථානවල දුම්රිය හරස් මාර්ග ස්ථාපිත කොට ඇත්තේ  දේශපාලනඥයින්ගේ සහ නිලධාරින්ගේ ඕනෑ එපාකම් මතය. කවුරු මොනවා කළත් අනෙක් පැත්තෙන්  දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සඳහා වැඩි වශයෙන් වගකිව යුතු වන්නේ රියදුරන්ය. නොසැලකිලිමත් රියදුරන්ය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

දුම්රිය හරස් මාර්ගයක සිදුවුන අනතුරක්…

නීතියේ තත්ත්වය

1902 අංක 09 දරණ ලංකා දුම්රිය ආඥාපනතේ  32 වැනි වගන්තිය අනුව මගි ජනතාවගේ සහ රථවාහන හිමියන්ගේ  ආරක්ෂාව සඳහා  දුම්රිය  හරස් මාර්ග සදහා ගෙට්ටු යොදා ආරක්ෂාකිරිම දුම්රිය  සාමාන්‍යධිකාරිවරයගේ වගකිමකි. දුම්රිය සාමාන්‍යධිකාරිවරයා විසින් චේතනාත්මකව   මෙම පනතේ සඳහන් කොන්දෙසිවලට අනුකුලව  කටයුතු නොකරන්නේනම්  හෝ පැහැර හරින්නේ නම්  පනතේ 33 වැනි වගන්තිය ප්‍රකාරව  ඔහු සාපරාධි වරදකට වරදකරු වන්නේය. එක් එක් වරද සදහා  රුපියල් 200 නොඉක්මවන  දඩයකට යටත්විය යුතුය.

තවද  දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින්  බලය ලබාදෙනු ලබන පුද්ගලයා   ඉබි යතුරුදමා ගෙට්ටුව ආරක්ෂාකිරිමට අසමත් වුවහොත්  එය සාපරාධී වරදක් බැවින්  එවැනි එක් එක් අවස්ථාව සඳහා  රුපියල් 50 නොඉක්මන දඩයකට  ඔහු යටත්විය යුතුය.

දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරිමේ දි  දුම්රිය පනතේ සඳහන්   කොන්දෙසි යම් පුද්ගලයකු විසින්  කඩකරන්නේ නම්  හෝ ගවයින් දක්කාගෙන යන්නේ නම්  එවැනි ක්‍රියාවන් සාපරාධි අපරාධයක් වන බැවින්  ඔහු රුපියල් 50ක දඩයකට හෝ  මාස තුනක් නොඉක්මන  සිරදඩුවමකට යටත් වනු ලැබේ.

කෙසේවුවද  දැනට ක්‍රියාත්මක වන දුම්රිය ආඥාපනත වසර 120කට වඩා පැරණි පනතකි. එකී පනත ප්‍රකාරව පනවා ඇති දඩ මුදල වාර්තමානයේ  රුපියලේ අගය හා සැසදිමේ දි කිසිසේතම ප්‍රමානවත් නොවේ. මේ නිසා අදාල පුද්ගලයින් වරදකට  යොමු නොවීම සදහා පෙළඹවිමක් ද  ඇති නොවේ.

Railway-Crossing
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක්..

විගණනයෙන් හෙළි වුන කරුණු

  1. දුම්රිය හරස් මාර්ග 750ක් අනාරක්ෂිතකර වගකීම් පැහැර හැරීම

දුම්රිය හරස් මාර්ග සදහා  ආරක්ෂණ පද්ධති  ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය  මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාවට අනුව  ගෙට්ටු යොදා  ආරක්ෂාකර නොමැති දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව  750කට වඩා වැඩිය.

දුම්රිය ආඥාපනතේ විධිවිධාන පරදි  එවකට වගකීමට බැඳීසිටි  දුම්රිය සාමාන්‍යාධිකාරිවරුන්ගෙන්  1987 වර්ෂයේ සිට  දඩ හා වන්දි මුදල් අයකරගෙන නොතිබුණි. එමෙන්ම අදාල කාල සිමාවන් තුළ  සේවයේ නියුතු දුම්රිය සාමාන්‍යධිකාරිවරුන්  දුම්රිය හරස් මාර්ගවල යෙදිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන්  තම වගකිම් පැහැර හැර තිබුණි.

  1. ආරක්ෂණ පද්ධති 200ක් සඳහා සැලසුම

කෙසේවුවද  මේ වනවිට  මෙරට දුම්රිය මාර්ග  පද්ධතිය   ප්‍රධාන දුම්රිය මාර්ග 09කින් සහ  මෙහෙයුම් මධ්‍යස්ථාන තුනකින් ක්‍රියාත්මක වේ. දුම්රිය දේපාර්තමේන්තුවේ දත්තවලට  අනුව 2022 වර්ෂයේ මාර්තු මස 31 වැනිදින වනවිට   මෙරට ඇති දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව  1362කි. මෙවන් පසුබිමක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුව විසින්  අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 533කින් 200ක් සඳහා  සිනු හා විදුලි පද්ධති 200ක් ස්ථාපනය කිරීමට සැලසුම් කරන්නේය.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 200ක් සඳහා සිනු හා විදුලි පද්ධති සවිකිරීමට   2023 වර්ෂයේ ජුලි මස ප්‍රසම්පාදන කටයුතු ආරම්භකොට තිබුණි. ඒ අනුව ද්විත්ව  දුම්රිය මාර්ගයේ   දුම්රිය හරස් මාර්ගව  25ක් සහ  තනි දුම්රිය මාර්ගයේ පිහිටි හරස් මාර්ග 175ක් සදහා   සීනු හා විදුලි පද්ධති  ඉදිකිරිම සදහා ප්‍රසම්පාදන කටයුතු සිදුකරණු ලැබිය.

  1. ප්‍රසම්පාදනයට තෝරාග් ලංසුකරු නුසුදුස්සෙක්.

සීනු හා ආලෝක පද්ධති 200 සඳහා  කොන්ත්‍රාත් වටිනාකම  ඇමරිකානු  ඩොලර්  5,550,375ක් හෙවත්  රුපියල් අනුහය කෝටි,අසු පන් ලක්ෂ, හතලිස් හතර දහස්  තිස් නවය (968,544.039) කි. එක් විදුලි සීනු පද්ධතියක් සඳහා වැය කොට ඇති මුදල රුපියල්  හතලිස් අට ලක්ෂ, හතලිස් දෙදහස්, හත්සිය විස්ස  (4,842,720)කි.  එහෙත් මෙකී  සිනු හා අලෝක පද්ධතිය  ඉදිකිරීම සඳහා  ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබු  ලංසුකරුගේ  හැකියාව  තහවුරුකිරිම සඳහා  සපුරාලිය යුතුව තිබු මුලික සුදුසුකම්  06 සපුරා නොතිබුණි.

එහෙත් අදාල සමාගම වෙත  ප්‍රසම්පාදනය පිරිනැමීමට තාක්ෂණික ඇගයිම් කමිටුව  නිර්දේශකොට තිබුණි. කෙසේවුවද ප්‍රසම්පාදනය මගින්  තොරාගනු ලැබු සැපයුම්කාර සමාගම සම්බන්ධයෙන්  ප්‍රධාන සංඥා  තාක්ෂණ ඉංජිනේරුවරයා විසින් සිය අකමැත්ත ප්‍රකාශකොට තිබුණි. මෙකි හරස් මාර්ග පද්ධති  ජාත්‍යන්තර සංවිධාන විසින් සහතික කරණ ලද  ආරක්ෂිත ප්‍රමිති හා නිෂ්පාදන ප්‍රමිති සමග  අනුකුලවිය යුතු බවද ප්‍රධාන සංඥා  තාක්ෂණ ඉංජිනේරුවරයා විසින්  දන්වා තිබුණි.

තවද මෙම  සමාගමට ප්‍රසම්පාදනය පිරිනැම්මේ දි  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින්  ප්‍රසම්පාදන ලියවිලිවල ඇති  තාක්ෂණික අවශ්‍යතාවයන්ට  පරස්පර විරෝධිලෙස  කටයුතුකර ඇති බව   ප්‍රධාන සංඥා  තාක්ෂණ ඉංජිනේරුවරයා විසින්  දුම්රිය දේපාර්තමේන්තුවේ සාමාන්‍යධිකාරිවරයා වෙත දන්වා තිබුණි. කෙසේ වුවද  කොන්ත්‍රාත්තුව අදාල සමාගම වෙත ලබාදිමට තාක්ෂණික  ඇගයිම් කමිටුව වෙත තිබි ඇත්තේ  දැඩි   ඕනෑකමකි.

අනික් කාරණය වන්නේ  සැපයුම්කාර සමාගම විසින් සීනු හා විදුලි පද්ධතිය සවිකිරිම සඳහා  තෝරගෙන තිබු නිෂ්පාදනයන් මෙතෙක්  ලෝකයේ කිසිම ස්ථානයක සවිකර නොතිබු බවට අනාවරණය වී තිබුණි.  මෙම ප්‍රසම්පාදනය පිරිනැමීම පිළිබඳ ප්‍රධාන සංඥා  තාක්ෂණ ඉංජිනේරුවරයාගේ  දැඩි විරෝධය හේතුවෙන් මේ පිළිබද පරික්ෂා කිරීමට    දුම්රිය සමාන්‍යධිකාරිවරයා විසින්  කමිටුවක් පත්කරණු ලැබිය.

අදාල කමිටුව මගින්  ලබාදුන් වාර්තාව  පෙන්වා දි ඇත්තේ  මෙම  කොන්ත්‍රාත්කාර සමාගම විසින්  සවිකරණ ලද  සිනු හා විදුලි පද්ධති  අසාර්ථකවී තිබිම හේතුවෙන්  ලංසුකරුවිසින්  තාක්ෂණික ඇගයිම් කමිටුව හා  ප්‍රසම්පාදන කමිටුව නොමග යවා ඇති බවය.  විදුලි පද්ධතියේ මෙහෙයුම් සම්බන්ධයෙන්  ආරක්ෂණයක් නොමැතිවීම, කාර්යසාධන ඇපකරයක් ලබා දුන්නද  ණයවර ලිපියක් විවෘතකර නොතිබිම, හා ගිවිසුම් අත්සන් කර නොතිබිම පිළිබද තත්ත්වයන් මෙම වාර්තාව මගින් දක්වා තිබුණි. එම නිසා    ලංසුව අවලංගුකොට, කාර්යසාධන සුරක්ෂණය  අදාල ලංසුකරුට නිදහස් කරණ ලෙස  බැංකුවෙන් ඉල්ලිම් කිරිමටත් අදාල කමිටුව මගින් නිර්දේශ කරණු ලැබිය.

  1. අවලංගු සමාගමට යළිත් ප්‍රසම්පාදනය ලබා දීම

මෙම  ප්‍රසම්පාදනය අවලංගුකර වසර දෙකහමාරකට පමණ පසු  එවකට සිටි දුම්රිය   සාමාන්‍යධිකාරිවරයාගේ උපදෙස් මත 2016 ඔක්තෝබර් මස 07 වැනි දින  මෙම අවලංගු    සමාගම වෙත යලිත් ප්‍රසම්පාදනය පිරිනමන්නේ අග මුල තේරුම් ගත නොහැකි ආකාරයටය.

දුම්රිය දේපාර්තමේන්තුව විසින්    පත්කරනු ලැබු කමිටුව විසින්  නිර්දේශකොට තිබුණේ අදාල සමාගමේ කොන්ත්‍රාත්තුව අවලංගුකර  නැවත ප්‍රසම්පාදනයක් සිදුකොට මාර්ග ආරක්ෂණ පද්ධතිය  ස්ථාපනය කරණ  ලෙසය. එම නිර්දේශයන් සම්බන්ධයෙන් ඇගයිමක් සිදුනොකොට පෙර සඳහන් කොන්ත්‍රාත් සමාගම වෙත  වසර දෙකහමාරකට පමණ පසු කොන්ත්‍රාත්තුව ලබාදිමට කටයුතු කිරිමට තරම් ප්‍රධානියා නිර්ලජ්ජිත විය.

මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දි  අතයට ගණුදෙනුවක් සිදුවුවාද යන්න  සොයා බැලිය යුතු බවට අප යෝජනා කරන්නේ එබැවිනි. එය විගණන නිර්දේශයක් ලෙසද ලැබී ඇත. ප්‍රසම්පාදනය අදාල සමාගම වෙත   පැවරිමට ක්‍රියාකිරිම පිළිබඳව සහ  ඒ සඳහා ක්‍රියාකළ නිලධාරින් සම්බන්දයෙන්  ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය   නිර්දේශකොට තිබේ. මෙහිදි යම් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී  තිබෙද යන්න පිළිබඳ  පරික්ෂා කළ යුතු බවද විගණන නිර්දේශවල සඳහන් වේ.

අදාල කොන්ත්‍රාත්කාර සමාගම විසින්  ප්‍රසම්පාදනය සදහා ඉදිරිපත් කරණු ලැබු  ලියාපදිංචි සහතිකයේ ආයතනයේ ලිපිනය ලෙස සදහන් කොට තිබුණේ  නො 272, බන්ඩාරනායක මාවත, කටුබැද්ද මොරටුව  වශයෙනි. එහෙත් එම ආයතනය මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් නොවන බව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින්  විගණනයට දන්වා තිබුණි. එමෙන්ම අදාල  කොන්ත්‍රාත් සමාගම  විසින් රජයේ ආයතනයකට අනුබන්ධ සමාගමක් ලෙස කරුණු දක්වමින්  අන්තර්ජාතික තත්ත්ව සහතිකය අවශ්‍ය නොවන බවට  ප්‍රසම්පාදන කමිටුව වෙත කරුණු දක්වා තිබුණි.

  1. නල්ලමලේ විදුලි සංඥා පද්ධතියේ තත්ත්වය…හතරෙන් එකක් දැනටමත් ක්‍රියා විරහිතයි… 

කෙසේ වෙතත් අදාල කොන්ත්‍රාත්කාර සමාගම විසින් ඉකුත් වසරේ ජුනි මස30 වනවිට සීනු හා විදුලි ආරක්ෂණ  පද්ධති  200ම  ස්ථාපිත කොට දුම්රිය දේපාර්තමෙන්තුව වෙත භාරදි තිබුණි .දුම්රිය හරස් මාර්ගවල  ස්ථාපිත කරනු ලැබු  සීනු හා විදුලි පද්ධති  50ක  වගකිම් කාලය නිමවිමටත් පෙර  ක්‍රියාවිරහිත වූයේය.   මේ  නිසා දුම්රිය දේපාර්තමේන්තුවට සිදුවි ඇති පාඩුව  රුපියල් මිලියන 242.13කි. එනම් විසි හතර කෝටි විස් එක් ලක්ෂ තිස් දහසකි. මෙම පාඩුව   සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශවයන්ගෙන්  අයකරගැනිමට පියවර ගන්නාලෙස ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශකොට ඇත.

  1. අපරාධයේ තරම

මෙම සීනු හා විදුලි  ආරක්ෂණ පද්ධති   ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතිය වංචා හා දුෂණ වලින් පිරි ඇති බව විගණන වාර්තාව මගින් ද පෙනී යන්නේය.   ස්ථාපිත කරනු ලැබු විදුලි හා සිනු පද්ධති  ඇතැම් දුම්රිය හරස්මාර්ගවල  නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව විගණනය මගින් කළ ලැබු  භෞතික පරික්ෂණවලදි අනාවරණය කරගෙන තිබේ.

විදුලි හා සීනු පද්ධති   සවිකොට තිබු යාපනය  නාවක්කුලි දුම්රිය ස්ථානය ආසන්නයේ  දුම්රිය  හරස් මාර්ගයේ දි  මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු මිය ගියේය. මෙම  අනතුර වන අවස්ථාවේ  මෙහි සවිකොට තිබු සීනු හා විදුලි පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව අනාවරණය වි තිබේ.

මිට දින කිහිපයකට පමණ ඉහතදි ආරච්චිකට්ටුව හා ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය අතර මහයියාව දුම්රිය හරස් මාර්ගයේදී  සිදුවු  අනතුරකින් එකම පවුලේ මව හා දරු දෙදෙනා  එම ස්ථානයේදිම මියගියහ.   දුම්රිය ධාවනය වන අවස්ථාවේ   දුම්රිය හරස් මාර්ගයේ  ගෙට්ටුව වසා  නොතිබුණි.   දුම්රිය ගෙට්ටු ක්‍රියාකරු එහි නොසිටියේය.

මෙකී සිනු හා විදුලි   පද්ධතිය  කෝටි 96කට අධික මුදලක් යොදවා  ස්ථාපිතකොට තිබුනද  දුම්රිය දේපාර්තමේන්තුවේ  සංඥා දේපාර්තමේන්තුවට හෝ  දුම්රිය රියදුරුට  සන්නිවේදනය කරගැනීමේ හැකියාවක්  මෙම  පද්ධතිය තුළ  නොතිබුණි.     සිනු  හා විදුලි  සංඥා පද්ධතියේ දෝෂයක් නිසාවෙන්  හෝ  පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවුනහොත්  ඒ පිළිබද අදාල දුම්රිය රියදුරුට හෝ  සංඥා   දේපාර්තමේන්තුවට  දැන  ගැනිමේ හැකියාවක්   අදාළ පද්ධතිය තුළ නොවීය.

තාක්ෂණික අගයිම් කමිටුව විසින්  මිල ගණන් ඇගයිමේ දි  කොන්ත්‍රාත් සමාගම විසින්  ඉදිරිපත් කොට තිබු  ඇමරිකානු ඩොලර් 6,478,190ක මිල  ඇමරිකානු ඩොලර්  6,422,090 අඩුකරගැනිමට කටයුතු කරණ ලෙස නිර්දේශකොට තිබුණි. එහෙත්  මෙම කොන්ත්‍රාත්තුව අදාල සමාගමට පිරිනැමීම සඳහා අනුමැතිය ලබාගැනීමට   අමාත්‍ය මණ්ඩලය වෙත  ඉදිරිපත් කරණු ලැබු අමාත්‍ය මණ්ඩල සංදේශයේ   ඒ පිළිබද නොසලකා  සැපයුම්කරු ඉදිරිපත්කොට තිබු මිලටම  ප්‍රසම්පාදනය පිරිනැමීමට අනුමැතිය ඉල්ලා තිබුණි.

අදාල ටෙන්ඩර්කරු විසින්  අවශ්‍ය  සුදුසුකම් ලැබිමේ නිර්නායක  සපුරා නොතිබියදි  එම සමාගමට ප්‍රසම්පාදනය ලබාදීමට  තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් නිර්දේශකොට ඇති බවත්  මෙය ළබැදියාවන් මත  සිදුවු ගනු දෙනුවක් ද    යන්න පිළිබඳ  පරික්ෂාවක් කොට සුදුසු පියවරගත යුතු බවට ද විගණනය මගින් නිර්දේශකොට ඇත.

තාක්ෂණික ඇගයිම් කමිටුව විසින් මෙම  ටෙන්ඩරය  ඇගයිමේ දි  විනිවිදභාවයකින් කටයුතුකර නොමැති බවට අනාවරණය වි  තිබුණි.

එමෙන්ම තාක්ෂණික ඇගයිම් කමිටුව විසින්  අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රමාණවත් හා සත්‍ය තොරතුරු ලබා නොදිම සම්බන්දයෙන්  තාක්ෂණික ඇගයිම් කමිටුවේ කාර්යභාර්ය  නිසිපරිදි ඉටුකිරිම පිළිබඳ සලකාබැලිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට තිබිණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසලක් බේරගන්න උපවාසයක්… කුඩා ඔය ගැමියෝ පාසල ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරති!

Next Post

දඹුල්ලේ  අවසන් T20 තරගයේ   ආන්දෝලනාත්මක නිපන්දුව ගැන හැනිබල්ගෙන් ගේම ඉල්ලූ හසරංගගේ ඉරණම අද අයි.සි.සී. තීරණය කරයි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.