බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

බිටුමික්ස් සමාගම සිය ශිෂ්‍යාධාර වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි!

by editor
පෙබරවාරි 21, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ තාර හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛතම සමාගම වන බිටුමික්ස් පෞද්ගලික සමාගම සිය ආයතනික සමාජ මෙහෙවර ඉදිරියට රැගෙන යමින් අඩු ආදායම් ලාභී සිසුන් වෙනුවෙන් මූල්‍යාධාර පිරිනමන බිටුමික්ස් සිසු සෙනෙහස සහ බිටුමික්ස් ශිෂ්‍යාධාර අත්වැල වැඩසටහන්වල නවතම අදියර ක්‍රියාත්මක කරයි.

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඉගෙනීමට දක්ෂතාව ඇති සිසුන්ව තෝරා ගෙන ඔවුන් පාසල් අධ්‍යාපනය හදාරන කාලයේදී මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවොත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තුරුද මෙම ශිෂ්‍යාධාර පිරිනමයි.

බිටුමික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක සිරිවර්ධන මහතාගේ සංකල්පයක් අනුව 2014දී බිටුමික්ස් සමාගම සිසුන් හය දෙනෙකුගෙන් ඇරඹූ මෙම ශිෂ්‍යාධාර වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා සිය පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගත් පිරිස ඉතා විශාලය.

මාසිකව ශිෂ්‍යාධාර පිරිනැමීමට අමතරව  සිසුන්ට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ වාර්ෂිකව පිරිනැමීමටද බිටුමික්ස් සමාගම කටයුතු කරයි. ශිෂ්‍යාධාර ලබන සිසුන්ව දුරකතනයෙන් අමතා ඔවුන්ව අධ්‍යාපනයට දිරිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සොයා බලමින් ඔවුන් සමඟ සමීප සබඳතාවක් ගොඩ නගා ගනිමින් කටයුතු කිරීම මෙම වැඩසටහනේ සුවිශේෂත්වයකි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ශිෂ්‍යාධාර ලබන සිසුන් අතරින් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අසමත් වන සිසුන් වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කර ඔවුන්ට රැකියාවලට පිවිසීමට අවශ්‍ය තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ සුදුසුකම් සපුරා ගැනීමට අවශ්‍ය සහයෝගය සැපයීමද සිසු සෙනෙහස වැඩසටහනේ අංගයකි. සිසු සෙනෙහස වැඩසටහනට අමතරව බිටුමික්ස් ආයතනයේ සේවක මණ්ඩලයේ දූ දරුවන් වෙතද බිටුමිකස් ශිෂ්‍යාධාර අත්වැල වැඩසටහන යටතේ වාර්ෂිකව පාසැල් පොත් සහ උපකරණ පිරිනමයි.

බිටුමික්ස් සිසු සෙනෙහස සහ බිටුමික්ස් ශිෂ්‍යාධාර අත්වැල වැඩසටහන් මෙරට සිසුන්ගේ අනාගතය දීප්තිමත් කිරීම වෙනුවෙන් තව දුරටත් පුළුල් කර පවත්වා ගෙන යාම බිටුමික්ස් සමාගමේ අරමුණයි.

Share69Tweet43
Previous Post

ලක්මී කොළඹ කාර්යාලය හැව්ලොක් ටවුන්හිදී විවෘත වේ!

Next Post

Phoenix Industries 2024 වසර සඳහා නව භාණ්ඩ පෙළක් එළි දක්වයි !

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.