හැටන් රංජිත් රාජපක්ෂ –
කොටගල සහ වලපනේ යන ප්රදේශවල බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකු අපයෝජනය කල ගුරුවරයෙකුට සහ ත්රිරෝද රථ රියදුරෙකුට වසර 17 ක් සහ වසර 10 ක බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවම් ලබාදිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය ඊයේ (14) දින නියෝග කළේය.
මෙසේ සිරදඩුවම් නියම කරනු ලැබුවේ හැටන් කොටගල ප්රදේශයේ පදිංචි එම්.වෛත්යනාදන්(43) නැමැති ගුරුවරයාට සහ වලපනේ ප්රදේශයේ සිසුපාලන් පුස්පරාජ් (35) යන ත්රිරෝද රථ රියදුරාටයි.
2019 වසරේ පාසල් සිසුවියකට තුන් වතාවක් ලිංගික අපයෝජන කළ බවට එල්ල වූ පැමිණිල්ල හේතුවෙන් එම්.වෛත්යනාදන්ට එරෙහිව දිඹුල පතන පොලිසිය විසින් නුවරඑළිය මහාධිකරණයේ නඩුවක් පවරා තිබුණි.
2019 වසරේ සිට පසුගිය වසර පහ පුරාවටම විභාග වූ ඔහුගේ නඩුවේ අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි මත ඔහු වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා චුදිතට වසර 17 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර වින්දිත සිසුවියට ලක්ෂ පහක වන්දියක් සහ අධිකරණයට රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසත් එසේ නොකළහොත් තවත් වසර තුනයි මාස හයක අමතර සිරදඬුවමක් ලබාදීමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
2013 වසරේ වලපනේ ප්රදේශයේ පදිංචි සිසුපාලන් පුස්පරාජ් යන චුදිත ඔහුගේ ඥාති බාලවයස්කාර පාසල් සිසුවියකට ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ වලපනේ පොලිසිය විසින් නුවරඑලිය මහාධිකරණයේ 2013 වසරේ පවරා තිබු නඩුවක සාක්ෂි පදනම් කර ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා එම චුදිතට වසර 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර වින්දිත සිසුවියට ලක්ෂ 07ක වන්දි මුදලක් ගෙවන ලෙසත් අධිකරණයට රුපියල් 25000ක දඩයක් ගෙවන ලෙසත් , එසේ එම දඩ මුදල ගෙවිමට අපොහෝසත් වන්නේ නම් දඩුවම් කාලයට අමතරව තවත් මාස හයක සිර දඬුවමක් ලබදිමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
මෙම නඩු දෙකම වෙනුවෙන් රජයේ අධි නිතිඥය අරේන්ද්ර ජයසිංහ පෙනී සිට ඇත.







