මල්වතු හිරිපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් සැක කටයුතු ත්‍රීරොද රථයක් පරීක්ෂා කිරීමට යෑමේ දී සැකකරු පොලිස් නිලධාරියෙක් සතු ගිනි අවිය ද උදුරාගෙන පලා ගිය පුවතක් මල්වතු හිරිපිටියෙන් වාර්තා වේ.
පෙළ ගැසෙන සිද්ධිය ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ මෙසේය.
අද අළුයම බටේපොල නගරය හරහා ගමන් කරමින් තිබූ සැක සහිත ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතු හිරිපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇත.
ඒ අවස්ථාවේ දී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්සා කර තිබේ. මේ අවස්ථාවේ ඔහු පොලිසිය සමග පොරබදා ඇති අතර එවිට පොලිසි සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තු වී ඇත.
වාර්තා වන්නේ කෙසේ වෙතත් සැකකරු පලා ගොස් ඇති බවත් පලා ගොස් ඇත්තේ පත්තු වූ ගිනි අවියත් පැහැරගෙන බවත් වාර්තා වේ. ගිනි අවිය පැහැරගෙන සැකකරු පලා ගොස් ඇත්තේ ත්‍රී රෝද රථයෙනි.
ගිනි අවිය පත්තු වීමෙන් සැරයන්වරයෙක් තුවාල ලබා තිබේ. ඔහුව ප්‍රතිකාර පිනිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත. ( ලංකාදීප – තිලකරත්න දිසානායක )







