බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොරෙන්සෝ පුතා 04 මුදාගත් මෙහෙයුම ගැන සී ෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය කියන කතාව!

by editor
ජනවාරි 31, 2024 - Updated on පෙබරවාරි 1, 2024
in පුවත්, සමාජ
මුහුදු කොල්ලකරුවන් පොලිස් අත් අඩංගුවට  ...

මුහුදු කොල්ලකරුවන් පොලිස් අත් අඩංගුවට ...

Share on FacebookShare on Twitter

අප පසුගිය දින කීපය පුරාම අප තිගැස්මෙන් යුතුව බලා සිටියේ ලොරෙන්සෝ පුතා 04 ධීවර යත්‍රාවේ සහ එහි ධීවරයින් 06 දෙනාගේ ජිවිත   ඉරණම ගැනය. සියල්ල ප්‍රාර්ථනා කළ යුතු යහපත් ආකාරයෙන් නිමා වී තිබේ.  සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනා සහිත ලොරෙන්සෝ පුතා 04 ධීවර යාත්‍රාව අද (31) උදෑසන මහේ ප්‍රධාන දූපතට ළඟා වූයේය.

මේ වනවිට යාත්‍රාව කොල්ල කෑ  සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ තිදෙනා ෂී ෂෙල්ස් පොලිස් අත් අඩංගුවේය. සී ෂෙල්ස් ප්‍රවෘත්ති ඒජන්සිය අද පස්වරුවේ මේ පුවත වාර්තා කර තිබුණේ  මෙහෙයුමේ දුෂ්කර ස්වරූපය පිළිබඳ විස්තරයක් ද සහිතවය.

 Lorenzo-putha-4
ලොරෙන්සෝ පුතා 04

ඒකාබද්ධ මෙහෙයුම

දියත් වී තිබුණේ ඒකාබද්ධ මෙහෙයුමකි. ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව හා ෂී ෂෙල්ස් නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ සක්‍රීය මෙහෙයුමේ අවසන් ප්‍රතිඵලය මුහුදු කොල්ලකරුවන්ගේ ආධිපත්‍ය මැඩීම සදහා ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව ආදර්ශයක් සපයා තිබිණි.

ෂී ෂෙල්ස්  වෙරළාරක්ෂක භටයින් විසින් සීෂෙල්ස්හිදී යාත්‍රාව අත්අඩංගුවට ගන්නේ ඉන්දීය නාවික හමුදාවේ යෙදවුම් ආධාරයෙන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ලොරෙන්සෝ පුතා 04 සෙනසුරාදා කොල්ලකරුවන් අතට පත් වන්නේ සෝමාලියාවේ  මොගඩිෂු වෙරළට නාවික සැතපුම් 500ක් දුරිනි.    ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය නාවික හමුදාව සිය මුර යාත්‍රාව වන INS Sharada යොදවා පැහැරගත් යාත්‍රාව සොයා ගැනීම සඳහා Sea Guardian ඩ්‍රෝන යානා යවා තිබිණි.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අනතුරුව ශ්‍රී ලංකා සහ සීෂෙල්ස් සම්බන්ධීකරණ නිලධාරීන් හරහා සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරු කර ගැනීමෙන් පසු එම තොරතුරු ඔස්සේ ගොස් සඳුදා සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මෙම ට්‍රෝලර් යාත්‍රාව අත් අඩංගුවට ගත්තේය.

සී ෂෙල්ස් මාධ්‍ය කී කතාව

සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් හාන්ස් රඩෙගොන්ඩේ ය. ඔහු  වාර්තාකරුවන්ට පැවසුවේ පසුගිය වසරේ අග භාගයේ සිට කලාපය තුළ මුහුදු කොල්ලකෑම් නැවත ආරම්භ වී ඇති බවය. සෝමාලියානු මුහුද සහ ඒඩන් බොක්ක කලාපයේ මුහුදු කොල්ලකෑම් සම්බන්ධව අපකීර්තිමත් ඉතිහාසයක් ඇත. මේ කොල්ලකෑම්වල ප්‍රමාණය ඊශ්‍රයාල් හමාස් යුද්ධයත් සමග කැපී පෙනෙන ලෙස වැඩි වී තිබිණි.

“දැන් අපි දකින්නේ මුහුදු කොල්ලකෑම් පසුගිය වසරට වඩා නිතර සිදුවන බවයි.  ඔවුන් ක්‍රියාත්මක වන ප්‍රදේශය සීෂෙල්ස් මුහුදට ආසන්න බව තහවුරු වෙලා තිබෙන්නේ. අපි සැමවිටම සීරුවෙන්  අපේ මෙහෙයුම් අඛන්ඩව පවත්වාගෙන යනවා.   ” අධ්‍යක්ෂ මේජර් හාන්ස් රඩෙගොන්ඩේ පැවසීය.

සෙනසුරාදා පැහැර ගැනිම සම්බන්ධව   ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තමන්ට ආරංචියක් ලැබුණු බවත්, වර්ග කිලෝමීටර් මිලියන 1.4ක් වන සීෂෙල්ස් සුවිශේෂී ආර්ථික කලාපයට යාත්‍රාව ඇතුළු වීමෙන් පසු සඳුදා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සිදු වූ බවත්  රඩෙගොන්ඩේ  පැහැදිලි කළේය.

“සෙනසුරාදා දහවල් අපට ආරංචිය ලැබෙන විටත්    එම ප්‍රදේශයේ ගුවන් යානා සහ බෝට්ටු මුර සංචාරයේ යෙදී සිටියා. ඒ  නිසා වහාම අපි බෝට්ටුව පැහැර ගත්තා යැයි කියන ස්ථානයට ගියා.

මෙම ස්ථානය  මහේ සිට ඊසාන දෙසින් නාවික සැතපුම් 400 සිට 500ක්   පමණ දුරින් අපගේ විශේෂ ආර්ථික කලාපයෙන් ( විශේෂිත ආර්ථික කලාපය යනු   ජාතියක භෞමික මුහුදෙන් ඔබ්බට නාවික සැතපුම් 200 ක් (සැතපුම් 230) විහිදෙන සාගරයේ කලාපයකි. මෙම කලාපය තුළ,   සජීවී සහ අජීවී සම්පත් යන දෙකෙහිම අධිකරණ බලය අදාල ජාතිය සතුව ඇත.) පිටත තිබුණෙ. බෝට්ටුව ලුහුබැඳ ගොස් එය ගමන් කරන මාර්ගය නිරීක්ෂණය කිරීමට අපට දින එකහමාරක් පමණ ගතවුනා.   එම අවස්ථාවේදී, ඔවුන්   සීෂෙල්ස් හි ආර්ථික කලාපය  වෙත ඇතුළු වූ බව අප දුටුවා, ”ඔහු පැහැදිලි කළේය.

“අප බෝට්ටුව ආසන්නයට ආවා.  මූලික නිරීක්ෂණයෙන්  පසු අපට පැහැදිලි වුනේ  බෝට්ටුවේ සිටි පිරිස ආයුධ සන්නද්ධව සිටි බවයි.  වඩාත් සමීප වන විට ඔවුන් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බව අප  තහවුරු කර ගත්තා.”

අප ලඟා වත්ම ඔවුන් දැඩි ප්‍රතිරෝධයක් දැක්වූවා. නොනැවතී වෙරළාරක්ෂක බලකායට ඔවුන්  වෙඩි ප්‍රහාර එල්ල කළා.    නමුත්  මේ තත්ත්වය අප ඉක්මනින්ම  පාලනය කර ගත්තා. මෙය ඉතා සියුම් මෙහෙයුමක්, විශේෂයෙන්ම ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුමක්. , ස්තුතිවන්ත වෙන්න ඕන… අපිට කිසිම හානියක් වුණේ නැහැ.” සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් හාන්ස් රඩෙගොන්ඩේ  කීවේය.

දැන් ‘ලොරෙන්සෝ පුතා-04’ නමැති ශ්‍රී ලංකා යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක කඳවුරේ නැංගුරම් ලා ඇත.    සෝමාලියානු  කොල්ලකරුවන් තිදෙනා   පොලිස් භාරයේ ය.

මේ අවස්ථාවට පැමිණ සිටි සී ෂෙල්ස් රාජ්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ   සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකායේ සාර්ථක ගලවා ගැනීමේ මෙහෙයුමට ස්තුතිය පුද කළේය.

“අපි මේ වන විට සීෂෙල්ස් රජය සමඟ ඉදිරි ක්‍රියා පටිපාටි පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා.   හැකි ඉක්මනින් අපේ ධීවරයින් ශ්‍රී ලංකාවට යැවෙනු ඇති.  . සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් තිදෙනා සම්බන්ධයෙන්, සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බැවින් මට අදහස් දැක්විය නොහැකියි,” වික්‍රමසිංහ  සී ෂෙල්ස් මාධ්‍ය වෙත පවසා තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට!

Next Post

ඉන්ධන මිල වැඩි කර ඇත්තේ තෙල් සංස්ථාව මාස අටක් තුළ බිලියන 88ක ශුද්ධ ලාබයක් ලබා තිබෙද්දි… ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යංශ වාර්තාවකින් හෙළි වෙයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.