දිනසේන රතුගමගේ –
ඓතිහාසික කච්චතීව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය මෙවර පෙබරවාරි මස 9 හා 10 යන දිනවලදී පැවැත්වීමට තීරණය වී තිබේ.
ඒ අනුව කච්චතීව් දුපතේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ කටයුතු සොයා බැලීම පිණිස නාවික හමුදාවේ අධීක්ෂණය මත යාපනය මිසමේ කතෝලික පූජකවරු පිරිසක් හා දිසාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කච්චතීව් දූපත වෙත ගොස් තිබේ.
මෙවර මංගල්ලය සඳහා ඉන්දියාවෙන් හා ශ්‍රි ලංකවෙන් බැතිමතුන් ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරණ අතර එම බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය ආහාර පාන හා සෞඛ්‍ය පහසුකම් නාවික හමුදාව විසින් සපයා දෙනු ලබයි.







