ලංකාවේ ක්‍රිකට් සිම්බාබ්වේටත් වඩා පහළ මට්ටමක තිබෙන පසුබිමක එය ගොඩ ගැනීමට කියමින් තවත් වළපල්ලට යැවීමේ දේශපාලනික වැඩ පිළිවෙළක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතින බව ලංකාසරට වාර්තා වේ.
මේ අනුව දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටින තිලකරත්න ඩිල්ෂාන් හා ජීවන් මෙන්ඩිස් ඉදිරියේදී ක්‍රිකට් උසස් තාක්ෂණ අංශයේ පුහුණුකරුවන් ලෙස ඉහළ වැටුපකට සේවයට බඳවා ගැනීමට යයි.
මොවුන් දෙදෙනාම පසුගිය මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂට උපරිමයෙන් කඩේ ගිය අය වීම විශේෂත්වයකි.
ජීවන් යනු ශාන්ත තෝමස් විද්‍යාලයේ නාමල්ගේ පන්ති සගයෙකි.
ඩිල්ෂාන් වරක් නාමල් වෙනුවෙන් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩා සමාජයක්ද ආරම්භ කිරීමට සූදානමින් සිටියේය. මහ මැතිවරණයේ දී ඔහු පොහොට්ටු වේදිකාවේ කැපී පෙනෙන භූමිකාවක් ද කළේය.
පසුගිය මහ මැතිවරණයේදී හම්බන්තොට නැවතී නාමල්ට කැම්පේන් කළ තවත් හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම හෙට අනිද්දා පුහුණු අංශයට හා වෙනත් තනතුරු වලට බඳවා ගැනීමට නියමිතය.
මොවුන් දෙදෙනාම මේ වන විට ඕස්ට්‍රේලියාවේ කුඩා ළමුන්ට පුහුණු ඇකඩමි පවත්වාගෙන යන අතර ඒවාට සහභාගිවන්නේ ඉතාම අල්ප පිරිසක් බව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
ෂම්මි සිල්වාද නාමල් කියන ඕන දෙයක් කිරීමට සැදී පැහැදී සිටින අයකු වන අතර හරීන් ප්‍රනාන්දුද ෂම්මිට උඩින් යමක් නොකරන්නෙකු ලෙස ප්රකටය.
දසුන් ශානක ලෝක කුසලාන තරගාවලියේ නායකයා ලෙස පත් කරන ලද්දේත් සිම්බාබ්වේ තරගාවලියේ ක්‍රීඩා කරන්නේත් නාමල් රාජපක්ෂගේ උදව්වෙනි.
තීරණාත්මක සිම්බාබ්වේ ශ්‍රී ලංකා තෙවැනි විස්සයි විස්ස තරගය අද ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ දෙවෙනි තරගය අවසානයේ ප්රේක්ෂකාගාර වල සිටි පිරිසක් අතට හසුවූ දේ ක්‍රීඩාංගණයට විසි කරමින් තම අප්‍රසාදය පළ කරන ලදී.
මේ අතර ලබන මාසයේ ලංකාවට පැමිණීමට නියමිත ඇෆ්ගන් පිල ඊයේ ඉන්දියාවේදී ප්‍රබල ඉන්දීය පිල හමුවේ පරාජය වූයේ විශිෂ්ට සටනක නිරත වෙමිනි.







