බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

උතුරු කොරියාවෙන් දකුණු කොරියා මුහුදු සීමාවට   කාලතුවක්කු  වෙඩි 200ක් … දකුණු කොරියාව මුහුදු සීමාව අසල දූපත් වාසීන් ඉවත් කරගනී!

by editor
ජනවාරි 5, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

උතුරු කොරියාව සිකුරාදා දකුණු කොරියාව සමඟ ගිවිසුම්ගතව ඇති දැඩි ආරක්‍ෂිත සමුද්‍ර දේශසීමාවක් අසල මුහුදට කාලතුවක්කු වෙඩි 200 කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බව හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මේ සමගම  නොදන්නා “තත්ත්වයක්” හේතුවෙන් දකුණු කොරියානු දූපත් දෙකක පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ද දකුණු කොරියානු ආරක්ෂක අංශ නියෝග කර තිබේ..

මෙම නියෝගය නිකුත් කරන්නේ  උතුරු කොරියානු  කාලතුවක්කු වෙඩි තැබීම නිසාද,  නොඑසේ නම් එම කාලතුවක්කු වෙඩි ප්‍රහාරවලට  ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියානු හමුදා විසින් දියත් කරන යුද  අභ්‍යාස හේතුවෙන්   දැයි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරන්නේ නැත.

කෙසේ වෙතත්, මෙම දූපත්වල නිවැසියන්ට යවන ලද  දිවියිනේ නිලධාරියෙක් විසින් තහවුරු කෙරූ කෙටි පණිවිඩයකින්  දැක්වෙන්නේ  ” නාවික වෙඩි පුහුණුවක්” සිකුරාදා සවස 3 සිට (GMT 0600) දකුණු කොරියානු හමුදා විසින් සිදු කිරීමට නියමිත බවය.

මතභේදයට තුඩු දී ඇති කොරියාවේ  උතුරු සීමා රේඛා  (NLL) මුහුදු සීමාවට මදක් දකුණින් පිහිටා ඇති Yeonpyeong දූපතේ නිලධාරියෙක් පැවසුවේ දකුණු කොරියානු හමුදාවේ ඉල්ලීම පරිදි ඉවත් කිරීමට නියෝග නිකුත් කළ බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

උතුරු කොරියාවේ වෙඩි තැබීමෙන් දකුණේ සිවිල් හෝ හමුදා අංශවලට  හානියක් සිදු නොවූ බව දකුණු කොරියානු හමුදාව තහවුරු කර ඇත.

“මෙය ආතතිය උත්සන්න කරන සහ කොරියානු අර්ධද්වීපයේ සාමයට තර්ජනයක් වන ප්‍රකෝපකාරී ක්‍රියාවක්” යැයි දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ ප්‍රකාශකයෙක් පැවසූ ආකාරය රොයිටර් වාර්තා කරයි.

දේශ සීමාව ආසන්නයේ ඇති වූ “තත්ත්වයකින්” පසුව මුහුදේ වෙඩි තැබීමක් සිදු වූ බව  දකුණු කොරියානු හමුදාව දූපත් වාසීන්ට ප්‍රකාශ කළ බව නිලධාරියා පැවසීය. නමුත් එය සරඹයක්ද නැතිනම් වෙනත් හේතුවක් ද යන්න පැහැදිලි නොවීය.

යොන්පියොං නගරයට බටහිර දෙසින් සහ මුහුදු මායිම ආසන්නයේ පිහිටා ඇති බෙන්ගනියොං (Baengnyeong) දූපතේ පදිංචිකරුවන්ටද ඉවත් වන ලෙස දන්වා ඇති බව එහි   නිලධාරියෙක් රොයිටර් පුවත් සේවය වෙත  පවසා ඇත.

1953 දී කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු කොරියාව සිය  අසල්වැසියාට එල්ල කළ දරුණුතම ප්‍රහාර 2010 දී එල්ල කළේය. ඉන්  සිවිල් වැසියන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මිය ගිය අතර, යොන්පියොං දූපතට   වෙඩි ප්‍රහාර ගණනාවක් එල්ල විය.

ඒ සම්බන්ධව උතුරු කොරියාව ප්‍රකාශ කළේ  දකුණු කොරියානු සජීවී-වෙඩි අභ්‍යාස හරහා තමන් කුපිත කරවමින්    තම මුහුදු සීමාවට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති කී ලෙස සති දෙකකට මිලියන 250 බැගින් වියදම් කරන් රතු මුහුද රකින්න නාවික හමුදා නෞකාවක් යවනව ද?… නාවික හමුදාව ශක්‍යතා අධ්‍යයනයක…

Next Post

ඉන්දියාව දිනාගත් යාපනේ පුංචි ගායිකාව කිල්මිසා   ජනපති වෙනුවෙන් ගී ගයයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.