බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකම ආකාරයේ සිය දිවි නසා ගැනීම් හතක්…අන්තවාදී ආගමික කල්ලියක දේශනා කළ ව්‍යසනයක් දැයි සැකයක්…

කල්ලියේ සාමාජිකයින් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක...

by editor
ජනවාරි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි-

  • මුලින්ම දේශකයා සිය දිවි නසාගෙන… පසුව ඔහුගේ බිරිය සහ දරුවන් 03 සිය දිවි නසාගෙන ඇත්තේත් දේශකයා මිය ගිය ආකාරයේ විෂ වර්ගයකින්…

  • දේශකයා තමන්ගේ ශාස්තෘන් ලෙස සැලකූ සරසවි සිසුවියක් සහ ඇයගේ පෙම්වතා දෙදිනකට පෙර ඒ  ආකාරයෙන්ම මියි ගිහින්… මිය ගිය දේශකයාගේ අනුගාමිකයින් නිසා ඔවුන් ගේ ජීවිත අවදානමක ඇති බවට තරුණියගේ සහ තරුණයාගේ ඥාතීන්ට පොලිසිය දැනුම් දීලා…

  • මෙම දේශකයාගේ අනුගාමීන් පිළිබඳව පොලිසිය දැඩි අවධානයකින් විමර්ශන අරඹයි…

හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී ඉකුත් දෙසැම්බර් මස 28 වැනි දින සයනයිඩ් යැයි සැක කරන උග්‍ර වස වර්ගයක් භාවිත කර සිය දිවි නසා ගත් ආගමික දර්ශනවාදී දේශනා පවත්වන්නකුව සිටි රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති දේශකයා ඇතුළු ඔහුට සම්බන්ධ පුද්ගලයන් හත් දෙනකු පසුගිය සතියක කාලයේදී එකම ආකාරයකට එකම වර්ගයකට සමාන වස වර්ගයක් භාවිත කරමින් සිය දිවි හානි කරගැනීමේ සිද්ධි ජාලයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පොලිසිය ආරම්භ කර ඇත.

මේ සිය දිවි නසා ගැනීම් ජාලයේ පළමු අවස්ථාව ලෙස අදාළ ආගමික දාර්ශනිකවාදී මත සම්බන්ධයෙන් දේශනා පැවැත්වූ 46 හැවිරිදි දේශකයා ඉකුත් දෙසැම්බර් මස 28 වැනි දින හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක් භාවිත කර සිය දිවි හානි කර ගත්තේය.

එම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කළ පසුගිය 30 වැනිදා රාත්‍රියේදී එම පුද්ගලයා සිය දිවි හානි කරගැනීමට භාවිත කළ වස වර්ගයකට සමාන දෙයක් භාවිත කර ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා ද සිය දිවි හානි කරගෙන තිබුණි.

එසේම රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති එම දේශකයාගේ දේශනවලට නිරන්තරයෙන් සහභාගී වෙමින් ඔහු ළඟින්ම ඇසුරු කළ බව කියන තවත් දෙදෙනකු ද පෙරේදා (02) යක්කලදී සහ මහරගමදී සිය දිවි හානි කරගෙන ඇති බව පොලිසිය කියයි.

දේශකයාත්, ඔහුගේ පවුලේ සාමාජිකයනුත් සිය දිවි හානි කරගැනීමට යොදා ගත් වස වර්ගයට සමානකම් ඇති වස වර්ගයක් මේ දෙදෙනාත් භාවිත කර තිබීම සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟීඇති බැවින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  අදාළ පොලිස් ස්ථාන වෙත උපදෙස්දී ඇත.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

පෙරේදා (02) සිය දිවි හානි කරගෙන ඇත්තේ යක්කල, රාෆල් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් සහ අම්බලන්ගොඩ, තිවොල්පුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි තරුණයෙකි.

මිය ගිය තරුණයා ලැගුම් ගෙන සිටි කාමරය…

එම 34 හැවිරිදි තරුණයා රාත්‍රී 8.30 ට පමණ සිය දිවි හානි කරගෙන තිබේ. මහරගම පොලිස් වසමේ අංක 153, දුම්රිය මාවත, පන්සල පාර, මහරගම යන ලිපිනයේ පිහිටි සැල්වේජ් රෙස්ට් හවුස් යන තාවකාලික නවාතැන්පලෙහි කාමර අංක 07 හි නවාතැන් ගෙන සිටි ඔහු, නවාතැන්පොළට දහවල් කාලයේදී පැමිණ තිබේ. පසුව සවස හයට පමණ පිටව යන බවට නවාතැන් පොළෙහි කළමණාකාරීත්වය දැනුවත් කර ඇති බවත් විමර්ශනයේදී අනාවරණයවී ඇත.

එහෙත් රාත්‍රී හත පමණ වන විටත් ඔහු පිටත්ව නොගිය බැවින් සේවකයන් විසින් සිදු කළ සෝදිසියේදී කාමරයෙහි ඇඳක් මත තරුණයා සිහිසුන්ව වැටී සිටිනු දැක තිබේ.

ඒ පිළිබඳව මහරගම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු පොලිසිය එහි ගොස් සිදු කළ පරීක්ෂාවේදී මිය ගොස් සිටි තරුණයා කිසියම් වස වර්ගයක් පානය කර සිය දිවි හානි කරගෙන ඇති බවට අනාවරණයවී ඇත.

මේ තරුණයා ද ආගමික දේශනා පැවැත් වූ දේශකයා වන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අයගේ අවමංගල්‍ය කටයුතු සිදු කළ මාලබේ, පිට්ටුගල, තුන්අඳහේන ප්‍රදේශයේ නිවෙසට අම්බලන්ගොඩ, තිවොල්පුර ප්‍රදේශයේ සිට පැමිණ එම කටයුතු සඳහා සහභාගීවී ඇත.

ඔවුන් පිළිබඳව අවමංගල්‍ය පැවති නිවෙසේ ඥාතීන් සිදු කළ දැනුම් දීමකට අනුව පොලිසිය විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම තරුණයා පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ මිය ගොස් සිටින්නේ තමාගේ ශාස්තෘන් වහන්සේ බවයි. තමන් ඔහුගේ දේශන මත යමින් ජීවත්වන බව ද පොලිසියට පවසා ඇත. ඒ අනුව එම තරුණයාගෙන් කටඋත්තර ගෙන නිවෙසට පිටත්ව යන ලෙස දැනුම්දී පිටත් කළ බව පොලිසිය කියයි.

යක්කල, රාෆල් වත්ත ප්‍රදේශයේදී වස වර්ගයක් පානය කර සිය දිවි නසා ගත් බව කියන තරුණිය ද ඇයගේ සහෝදරියක සමඟින් ආගමික දේශනා පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගීවී ඇති තැනැත්තියක් බව පොලිසිය කියයි.

ඒ ගැන පොලිසිය විසින් ඇගෙන් ද තොරතුරු විමසා ඇත. එම තරුණියගේ මවුපියන් ද පොලිසිය දැනුවත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සිය දිවි හානි කර ගත් තරුණයා සහ තරුණිය මිය ගිය දේශකයාගේ දේශනාවලට දැඩි ලෙස ඇබ්බැහිවී සිටි අය බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණවල නිරත වූ නිලධාරීට පෙනී ගොස් තිබුණි. ඔවුන් දෙදෙනා සිය ජීවිතවලට යම්කිසි අපරාධයක් සිදු කර ගත හැකි බවට සැකයක් ඇති වූ බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන ලෙස ඔවුන්ගේ ඥාතීන් දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබියදී මේ මරණ සිදුව තිබේ.

මෙලෙස එකම දිනකදී ආසන්න වේලාවකදී සිය දිවි හානි කරගෙන තිබෙන යක්කල, රෆාල් වත්තේ තරුණිය සහ අම්බලන්ගොඩ, තිලකපුර තරුණයා පෙම්වතුන් බවට තොරතුරු ලැබී ඇති බවත්, එම දෙදෙනා සහ මිය ගිය තරුණියගේ සහෝදරියක ඉකුත් දෙසැම්බර් 26 වැනි දින ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති දේශකයාගේ දේශනයකට සහභාගීවී ඇති බවත් අනාවරණයවී ඇතැයි පොලිසිය පවසයි.

ඉකුත් දෙසැම්බර් මස 28 වැනි දින දිවි නසා ගත් ආගමික දේශනා පවත්වන්නා ඇතුළු පවුලේ සාමාජිකයන් පස් දෙනා පොළොන්නරුව ප්‍රදේශයේ තිබූ දේපොළ විකුණා දමා යුරෝපා රටක පදිංචියට යෑමට අවශ්‍ය කටයුතු සිදු කරගන්නා තුරු හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේ නිවෙසක් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලකට කුලී පදනම මත ගෙන සිට ඇත.

එලෙස සිටින අතරතුර විදෙස්ගත වීමට අවශ්‍ය මුදල් නිසි පරිදි සොයා ගැනීමට නොහැකි වීම මත විදෙස්ගත වීම ප්‍රමාද වීම නිසාවෙන් ඇති වූ කලකිරීමක් නිසා රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති දේශකයා සිය දිවි නසා ගන්නට ඇතැයි එම අවස්ථාවේදී පොලිසිය විසින් සැක පළ කර තිබුණි.

එම අවස්ථාවේදී අදාළ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මියගොස් සිටි දේශකයාගේ බිරිය සහ දරුවන් ද ඔවුන්ගේ ජීවිතවලට යම්කිසි අපරාධයක් සිදු කර ගත හැකි බවට ඇති වූ සැකය මත අදාළ නිවෙසින් එම පිරිස පිටත්ව යන අවස්ථාවේදී ඔවුන් ඇඳ සිටි ඇඳුම් ඇතුළු ගමන් මලු විශේෂ පරීක්ෂාවකට ලක් කර කිසියම් වස වර්ගයක් තිබේ දැයි සොයා බැලීමෙන් අනතුරුව එම භාණ්ඩ අදාළ ඥාතීන්ට නිදහස් කර තිබූ බවත්, ඔවුන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසු වන ලෙස දැනුම්දී දී තිබූ බවත් එම විමර්ශන සම්බන්ධයෙන් කටයුතු කළ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. එහෙත් ඒ අය මාලබේ නිවෙසකදී සිය දිවි හානි කරගෙන තිබුණි.

මෙලෙස සිය දිවි නසාගැනීමේ සිද්ධි ජාලයට පළමුවෙන්ම සිය දිවි හානි කර ගත් දේශකයාගේ යම්කිසි දේශනයක බලපෑමක් අද්දැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.

මේ පුද්ගලයාගේ දේශනවලට ඇහුම්කන් දුන් එම දේශනවලට ඇබ්බැහිවී ඇති තවත් පිරිස් සිටී දැයි විශේෂ අවධානයක් යොමු කර විමර්ශන සිදු වන බව ද පොලිසිය සඳහන් කරයි.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් වන පොලිස් පරීක්ෂක චානක, උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ, පොලිස් සැරයන්වරුන් වන 32928 සිරිමාන්න, 60152 සමීර නිලධාරීහු විමර්ශනවලට සම්බන්ධව සිටිති. ( දිනමිණ පුවත්පත)

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තීරු බදු නොගෙවා හොරෙන් පැන්නූ ජංගම දුරකථන තොගයක් STF අත් අඩංගුවට…

Next Post

ශාන් වියජලාල් වෙනුවට  සජින් වාස් අම්බලන්ගොඩ ශ්‍රී.ල.නි.ප සංවිධායක සහ ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙස පත් කරයි…

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.