නතාෂා නෙත්මිණි –
කොරෝනා රෝගීන් ප්‍රතිකාර ගන්නා අයිඩීඑච් රෝහල සතුව ඇත්තේ එක් රුධිරකාන්දු පෙරණ යන්ත්‍රයක් පමණක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව මෙම රෝහලේ ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ට රුධිරය පිරිසිදුකර ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
මෙහි සිටින වකුගඩු අකර්මන්‍ය රෝගියෙකු දින දෙකකට වරක් හෝ රුධිරය පිරිසිදු කරගත යුතු වුවද සැලකිය යුතු රෝගීන් පිරිසක් මෙහි සිටින බැවින් එය දුෂ්කරකාර්යයක් වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරත් සදහන් කරයි.