ශ්‍රියානි විජේසිංහ –
රාජ්‍ය ආයතන විකිණීමට සහ පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වෘත්තීය සමිති ඒකරාශීවීම ඊයේ (28) ආරම්භ කළ බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක සඳහන් කරයි.
ලාභ ලබන සහ නොලබන රාජ්‍ය ආයතන විකිණීම හා පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව මේ වන විටත් කටයුතු කරමින් පවතින බැවින් එම ආයතනයන් හී සේවකයින් දැඩි නොසන්සුන්තාවට පත්ව ඇති බවත් එම රාජ්‍ය ආයතනයන් හී වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ තැපැල් මූලස්ථානයට පැමිණ රාජ්‍ය ආයතන විකිණිමට එරෙහි වෘත්තීය සමිති එකමුතුව නමින් නව පෙරමුණක් ගොඩනගා ගත් බව හෙතෙම පැවසුවේය.
ජනවාරි 3වන දින නැවත රැස්වන මෙම පෙරමුණ තම ඉදිරිි ක්‍රියාමාර්ගයන් මොනවාද යන්න පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද රාජ්‍ය ආයතන බේරා ගැනීමට කළ හැකි උපරිම කැපවීම කිරීමටත් මෙහිදී තීරණයන් ගැනීමට කටයුතු කරන බවද ලේකම්වරයා පැවසුවේය.
ක්ෂේත්‍ර 8ක් නියෝජනය කරමින් වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතියන් සියයකට අධික පිරිසක් ඊයේ තැපැල් මූලස්ථානයට ඒකරාශී වූ බවත් ලාභ ලබන ආයතන විකිණිම හා පෞද්ගලිකරණය එරෙහිව ගත හැකි දැවැන්තම ක්‍රියාමාර්ගයන් ගැනිමට ඊයේ පැමිණි සියලුම දෙනා ඒකමතිකව තීරණය කළ බවද හෙතෙම පැවසුවේය.







