ශ්‍රියානි විජේසිංහ –
මේ දිනවල ඩෙංගු, ඉන්ප්ලුවන්සා, සහ වෛරස් රෝග ගණනාවක් පැතිර යන බැවින් කොවිඩ්කාලයේ අනුගමනය කළ සෞඛ්‍ය පුරුදුවලට යොමුවීමෙන් වෛරස් රෝග ගණනාවකින් ආරක්ෂා විය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග විශේෂඥ චන්න ද සිල්වා සඳහන් කරයි.
දැනට පැතිර යන වෛරස් කාණ්ඩයන් කොවිඩ් වෛරස් කාණ්ඩයන්ද යන්න පිලිබඳව තහවුරු කර ගැනීම සදහා පරික්ෂණ ක්‍රියාත්මක නොවන බැවින් එය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි යැයිද හෙතෙම පවසා සිටියි.
දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් මත රුධිර පරික්ෂාවක් කර ගන්නා ලෙසත් පැරසිටමෝල් හැරුණු කොට වෙනත් ඖෂධ වර්ගයන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත මිස ලබා නොගන්නා ලෙසත් විශේෂඥවරයා ඉල්ලීමක් කරයි.
උණ පවතින අවස්ථාවන්වලදී දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන බැවින් හැකි පමණ දියරමය පානයන් ලබා දෙන්නැයිද එසේ නොවුණහොත් විජලනයට ලක්වි බරපතල තත්ත්වයන් මතුවිය හැකි බවද හෙතෙම පෙන්වාදේ.
විශේෂයෙන් මේ දිනවල වෛරස් රෝගයන්ට ගොඳුරු වූ දරුවන් 50ක පමණ පිිරිසක් දෛනිකව රෝහල් ගත වෙන බවත් වාට්ටු සියල්ල ශ්වසන රෝගීන්ගෙන් සහ උණ රෝගීන්ගෙන් පිරෙමින් පවතින බවත් සදහන් කරන විශේෂඥ වෛද්‍යවරයා උත්සව සමය එළඹීමත් සමඟ සෙනඟ ගැවසෙන ස්ථානයන් වෙත දරුවන් රැගෙන යාම හැකි පමණ අඩුකරන ලෙස ඉල්ලා සිටි.
ඉදිරියේදී එළඹෙන පාසල් නිවාඩු කාලය තුළ දරුවන්ව හැකි උපරිම අයුරින් ආරක්ෂා කර ගැනීම දෙමාපියන්ගේ වගකීමක් බැව් විශේෂඥවරයා කියයි.







