බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ විදුලිය බිඳවැටිමෙන් කෝටි 600ක් ලංවිමට පාඩුයි… ඇමතියි ලේකම්වරයායි ඒ වන්දිය ගෙවිය යුතුයි! – ජනක රත්නායක…

by editor
දෙසැම්බර් 10, 2023
in පුවත්
Janaka-Rathnayake

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

Share on FacebookShare on Twitter

ඊයේ පැය 5ක පමණ විදුලිය බිඳ වැටීම හේතුවෙන් රුපියල් කෝටි 600 කට අධික ඝෘජු ආර්ථික හානියක් සිදු ව ඇතැයිද ඊට වන්දි ගෙවිය යුත්තේ වත්මන් විදුලිබල අමාත්‍යවරයා සහ ලේකම්වරයා බවද  බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි.

තමා සභාපති තනතුරේ සිටියදී විදුලිය බිඳ වැටීම් වැළැක්වීම සඳහා 2022 සැප්තැම්බර් 9 වන දින අංක 2296/38 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් විදුලිබල අමාත්‍යංශයට හා ලංකා විදුලි බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කර තිබු බවද ඔහු පෙන්වා දෙයි.

එහිදී මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා මෙසේ ද පැවසුවේය.

“ 2021 දෙසැම්බර් 3 වැනි දින මේ ආකාරයටම රට පුරා විදුලිය බිඳ වැටුණා. එදා ගිගා වොට් පැය 10ක විදුලි ප්‍රමාණයක ඉල්ලුම සපුරාලන්න බැරි වුණා. එහි ආර්ථික හානිය රුපියල් කෝටි 1500ක් පමණ වුණා. ඊයේ රාත්‍රි බිඳවැටීම පැය කිහිනයකින් යථාතත්වයට පත්කරන්න හැකියාව ලැබුණත් එහිදිද රුපියල් කෝටි 600කට අධික ආර්ථික හානියක් සිදු වුණා.”

“ තවදුරටත් හානිය සිදුවෙමින් පවතිනවා. මන්ද මේ වන නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වෙලා. ඒ වෙනුවට

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඉන්ධන බලාගාර වලින් විදුලිය ගන්න සිදුවෙනවා නම් ඒ්කකයට රුපියල් 60කට අධික පාඩුවක් සිදුවෙනවා. ඒ පාඩුවද එක් කළ  විට ඊයේ විදුලිය බිඳ වැට්ටවීමේ පාඩුව රුපියල් කෝටි 1000කට ආසන්න වෙන්න පුළුවන්. මම මෙහිදි බිඳ වැට්ටවීම ලෙස අවධාරණය කලේ මෙය වළක්වා ගත හැකිව තිබු තත්ත්වයක් නිසා. “

“මන්ද 2021 විදුලිය බිඳ වැටීමෙන් පසුව ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මම ඇතුළු එවකට කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් පුළුල් විමර්ශනයක් කළා.  ප්‍රසිද්ධ විභාගයක් ද පවත්වා අපි විසින් නිකුත් කළ  නියෝගය මගින් විදුලි බල අමාත්‍යංශයට හා ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ 7ක් ඉදිරිපත් කළා. විදුලිබල මණ්ඩලයේ විදුලි ආරක්ෂණ මුලධර්ම හා ආරක්ෂණ ප්‍රමිති ක්‍රියාමාර්ග යාවත්කාලීන කළ යුතු බව අප කළ ප්‍රධාන නිර්දේශයක්. “

“නමුත් අද වන විට එය ඉටුනොකල බව දැන් පැහැදිලියි. ඒ වගේම එදා විමර්ශනයේදි අනාවරණ වුණා ජාලය තුළ  දෝෂ සහිත රැහැන් ඇදීමක් හා භුගත කීරීම්වල දුර්වලතා පවතින බව. ඒ සම්බන්ධයෙන් විමර්ශනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි එදා ලංවිමට නියෝග කලා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතාව අතර පාරිල්මේන්තුව සම්බන්ධව විශ්වාසය ගෞරවය වැඩි කරන්න නාමල්ගෙන් යෝජනාවක්…  සජීව විකාශය නවත්වන්නලු. –  

Next Post

ව්‍යාපාර විශිෂ්ටතා රිදී සම්මානයෙන රවී ජුවලර්ස් පිදුම් ලබයි!

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.