හමුදාවෙන් නීත්‍යානුකූලව නිදහස් කර ඇති හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 70 කට ආසන්න පිරිසක් යුක්රේන විදේශ සේනාංකය ලෙසද හැඳින්වෙන යුක්රේනයේ භෞමික ආරක්ෂක ජාත්‍යන්තර හමුදාවට බැඳීමට ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ. .
යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙකුට අනුව යුදබිමේ දී මිය ගිය කපිතාන් රනිෂ් හේවගේගේ විශේෂ ඒකකයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ හිටපු මෙම නිලධාරීන් සහ සෙසු නිලයන් දැනටමත් අසර්බයිජානය, ඩුබායි සහ ඉන්දියාව වෙත ගොස් ඇති ඇතැයි යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙක් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.
ඔවුන් පෝලන්තය හරහා යුක්රේනයට යාමට බලා සිටින බව එම නිලධාරියා විසින් තහවුරු කර ඇත.
කපිතාන් රනිෂ් හේවගේ මිය ගිය ආකාරය බීබීසී සේවයට හෙළි කළ හතුරුසිංහ නැමැති නිලධාරියා කියා තිබුණේ ඒ වනවිට සිටින යුක්රේන හමුදා භට කණ්ඩායමේ තවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් හි සේවයේ නියුතු සාමාජිකයින් 12 දෙනෙකු සිටින බවය.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ප්‍රශ්න හේතුවෙන් හිටපු හමුදා නිලධාරීන් රුපියල් ලක්ෂ 10 සිට 12 දක්වා මාසික වැටුපකට යුක්රේන හමුදාවට එක්වන බවට තොරතුරු අනාවරණ වී තිබේ.







