බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නරින්ට කුකුළු කොටුව භාර දීමට සැරසෙන කිරෙන් බාලවුන ක්‍රීඩා ඇමති!

by editor
දෙසැම්බර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මාධ්‍ය ඉදිරියේ චන්ඩියෙක් සේ හැසිරෙමින් සිය බල වියවරුව පෙන්වන  නව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මේ වනවිට හැසිරෙමින් ඇත්තේ පියවි සිහියෙන්දැයි සිතේ.

ඔහු  සිය තනතුර භාරගත් අවස්ථාවේම  ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට කළ බරපතල ව්‍යසනය සාධාරණී කරණය කරන්නේ කුමන තර්කයකින්දැයි රටට වැටහෙන්නේ නැත.

මේ වනවිට අපට පෙනෙන ප්‍රධානම ගැටලුව මතුව ඇත්තේ ඇමතිවරයා විසින් පත් කළ තේරීම් කමිටුවත්, ඔහුට උපදෙස් දෙමින් ඇති ඔහුගේ ක්‍රිකට් ගජයාත් සම්බන්ධවය.

මෙතෙක් ක්‍රිඩා ඇමතිවරයෙක් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමේ ගරුකටයුතු සම්ප්‍රදාය උල්ලංඝණය කරමින් ඔහු විසින් එක්වරම පත්කළ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සිවුදෙනෙක් සම්බන්ධව බරතල ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබේ

ක්‍රිකට් විතරක්ම දන්නා උපුල් තරංග තේරිම් කමිටු සභාපති කරන්නේ ඔහු තවමත් දේශීය තරග ක්‍රීඩා කරමින් එන්.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර බව පසුගිය දා අනාවරණය විය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඔහු සමග් තේරීම් කමිටුවට පත් කර ඇති අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන සහ දිල්රුවන් පෙරේරා සම්බන්ධව ද ඇත්තේ එවැනි තත්ත්වයකි.

අජන්ත මෙන්ඩිස් යනු සැකකටයුතු තත්ත්වයන් මත අයි.සි.සී. අධීක්ෂණයට ලක්වෙමින් සිටිනා චරිතයකි.  එමෙන්ම  තමන්ගේ සමීප හිතවෙතක් වූ සචිත්‍ර සේනානායකගේ නම සහිත අයිසීසී.ය විසින් ඉදිරිපත් කළ දූෂිත ක්‍රිඩකයින්ගේ ලයිස්තුව යට ගැසූ බවට චෝදනා එල්ලවන හරීන් ප්‍රනාන්දු  එම ලයිස්තුගත ක්‍රීඩකයෙක් තේරීම් කමිටුවට පත් කිරීම සම්බන්ධව බරපතල විසංවාදයක් ඇති වී තිබේ.

තරංග පරණවිතාන යනු මේ වනවිටත් මුවරස් ක්‍රීඩා සමාජයේ පුහුණු කරුය.   දිල්රුවන් පෙරේරා බී.ආර්.සී කණ්ඩායම නියෝජනය කරමින්  තවමත් ක්‍රිඩාකරන ක්‍රීඩකයෙකි.

මෙවැනි නියෝජනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කිරීමේ හරීන් ප්‍රනාන්දුගේ අවශ්‍යතාවය සම්බන්ධව ප්‍රශ්නගත තත්ත්වයක් ඇති වී තිබේ.

මේ අතර ලබන වසරේ පුරප්පාඩු වීමට නියමිත  උසස් තාක්ෂණ පුහුණුකාර තනතුර අපේක්ෂාවෙන් සිටින හරීන්ගේ තවත් ගජයෙක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට්” ලෙජන්ඩ්” කෙනෙක් ඇමතිවරයා හරහා  උපුල් තරංගගේ පත්කිරිම පසුපස ඇති ආකාරය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ලෝක  ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ විශිෂ්ට ක්‍රීඩකයෙක් වුවත් තරග පාවාදීමේ චෝදනා මත අයි.සී.සී.ය විසින් වසර දෙකක් පූරණ ක්‍රිකට් තහනමකට යටත් කළ මෙම පුද්ගලයාට එම  වසර දෙකක් තිස්සේ අයි.සී.සී ය විසින් සංවිධානය කළ ක්‍රිකට් තරග බැලීමත් තහනම් කර තිබිණි. එමෙන්ම ඔහු වසර දෙකක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියාව සිට කෙළිය පිස්සුවේ තරම මේ ක්‍රිකට් ව්‍යසනයට බරපතල ලෙස බලපෑ මූලාරම්භය වූයේය.

ඔහුට ක්‍රිකට් බලය ලබා දෙමින්, ෂම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තවදුරටත් පවත්වා ගැනීමේ අභිලාෂය සහිතව කටයුතු කරන බව පෙනෙන, මේ සම්බන්ධව ප්‍රශ්න කරන විට සිය වියරුව ප්‍රකට කරන හරීන් ප්‍රනාන්දුගේ මේ හැසිරීමේ යථාව තව සතියකින් රටට හෙළිදරව් වීමට නියමිතය.

ඒ අභියාචනාධිකරණයේ මේ වනවිට ඇසෙමින් ඇැති ක්‍රිකට් අතුරුපාලක මණ්ඩය බල රහිත කරන ලෙස ඉල්ලා චම්මි සිල්වා පවරා ඇති නඩුව සම්බන්ධව ක්‍රිඩා ඇමතිවරයා ලෙස ස්වකීය අභිමතය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේ දී ය.

රට බලා ඉන්නේ ඒ මොහොත එන තුරුය. කටේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙනු දැකීමේ අජූත මොහොතක් ඇමතිවරයා විසින් ප්‍රකට නොකරනු ඇතැයි අපේක්ෂා කරන බව සිහි කරමු.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩුබායි පැවැත්වෙන 19න් පහල ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙයි…

Next Post

රටේ ගෞරවනීයම ශාස්ත්‍රීය තනතුරවන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ථිර සේවයක් නොකර දේශපාලනයේ   අනුමැතිය ලැබිය යුතු  කොන්ත්‍රාත් තනතුරක් කරයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.