ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ මිනියාපොලිස් හිටපු පොලිස් නිලධාරි ඩෙරෙක් චව්වින් ඇරිසෝනා බන්ධනාගාරයේදී පිහි ඇනුමකට ලක්ව ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
AP පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ 47 හැවිරිදි තවත් රැඳවියෙකු විසින් ඒලල කළ පිහි පහර නිසා ඩෙරෙක් චව්වින් බරපතල තුවාල ලබා ඇති බවය.
නිව් යෝර්ක් ටයිම්ස්, වාර්තාව අනුව පිහි ඇනුමට පෙර ඔහුට පහර දීමක් ද සිදුකර තිබේ.
පොලිස් කෲරත්වයට සහ ජාතිවාදයට එරෙහිව විශාල විරෝධතා ඇති කළ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් සුදු ජාතික චව්වින්, බහුවිධ දඬුවම් විඳිමින් සිටී.
සිකුරාදා ප්‍රාදේශීය වේලාවෙන් 12:30 ට ටක්සන් නගරයේ ෆෙඩරල් බන්ධනාගාරයක රැඳවියෙකුට පිහියෙන් ඇන ඇති බවත් රැඳවියාට ජීවිත ගලවා ගැනීමේ මූලික ප්‍රතිකාර සිදුකර පසුව ඔහුව රෝහලට ගෙන ලද බවත් බන්ධනාගාර කාර්යාංශය නිවේදනය කලත් මුල් අවස්ථාවේ වින්දිත සිරකරුවාගේ නම ප්‍රකාශයට පත් කළේ නැත.
වෙනත් කිසිවකුට තුවාල සිදුවී නැතැයි සැලකෙන අතර චව්වින් මෙම ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබේ..
මෙම සිද්ධිය වාර්තා වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමෙන් දින කිහිපයකට පසුවවය.
2020 දී චව්වින් විනාඩි නවයකට වඩා කාලයක් දන හිසින් ගෙල සිරකරගෙන සිටීමෙන් පසු මරා දැමූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් ඔහුට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවට ඔහුගේ නීතිඥවරු තර්ක කරනු ලැබූහ.
මෙම ඝාතනය – අසල සිටි අයෙකුගේ දුරකථන කැමරාවක සටහන් වී තිබිණි.
එම දර්ශන ගෝලීය කෝපය ඇවිලවූ අතර වාර්ගික අසාධාරණයට සහ පොලිස් බලය අවභාවිතා කිරීමට එරෙහිව පෙලපාලි රැල්ලක් ඇති විය.
පසුව ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් චව්වින් වැරදිකරු වී ඔමුට වසර 22ක සිර දඬුවමක් නියම විය.
ජෝන් ෆ්ලොයිඩ් ගේ සිවිල් අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට 2022 ජූලි මාසයේදී තවත් වසර 20ක සිර දඬුවමක් ද නියම කෙරිනි.







