ශ්‍රියානි විජේසිංහ –
හදිසි මිලදී ගැනීම් මුළුමනින්ම නතර කර ඇති බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් යථාවත් කර විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් මේ සදහා ටික කාලයක් ගත වෙන බැවින් ඒ කෙරෙහි විශ්වාස තබන්නැයි තමා සියලුම දෙනාගෙනගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර ඇති බවත් ඔහු එහි කටයුතු යථාවත් කිරිමට කටයුතු කරමින් යන බවත් පැවසු අමාත්‍යවරයා ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය වැඩිදියුණු කිරීමට සහයෝග ලබා දෙන ලෙස රජයෙන් කළ ඉල්ලිමට අනුව මෙවර අයවැයෙන් මුල්‍ය ප්‍රතිපාදනයන් වෙන් ඇති බවත් ඇමතිවරයා කියයි.
තවද මෙම ආයතනය සතුවද මූල්‍ය ප්‍රතිපාදනයන් තිබෙන බවත් . එම මුදල් යොදා ගනිමින් ඖෂධ අධිකාරියේ තත්ත්වපාලන රසායනාගාරය වැඩිදියුණු කිරිමට කටයුතු කර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පවසයි.
මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ වෘත්තීය ගැටලු හඳුනාගත් බව පවසන ඇමතිවරයා මෙම ගැටලුවලට විසදුම් ලබා දීමට අනාගතයේදී කටයුතු කරන බවද අවධාරණය කරයි.







