කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන අත්හිටවූ සිරදඬුවම අහෝසි කොට තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (20) සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙසය.
මෙම අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ද නම් කර තිබුණි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමකට අදාළව ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු අතර කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර 05 කට අත්හිටුවීමට තීන්දු කළේය.
ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් ද නියම කෙරුණු අතර රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් කොළඹ මහාධිකරණය විසින් ප්‍රසන්න රණතුංග ට නියම කර තිබුණි.
එම දඬුවම්වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණතුංග විසින් මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත ගොනු කර තිබේ. – දෙරණ







