දිනසේන රතුගමගේ –
අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් නගරයේ සියලුම වෙළද සැල් ඊයේ ( 19) හදිසියේම වසා දැමීමට සිදුවී ඇත.
දින හතරක් තිස්සේ මුලතිව් ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ගංවතුර අවදානමක් හටගත් අතර ජනතාවද බියට පත්ව ආරක්ෂිත ස්ථාන සොයන්නට වූහ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා මුලතිව් දිසාපති කාර්යාලයේ නිලධාරීන් මුලතිව් වැසියන් හමුවට පැමිණ ඔවුන්ව අස්වසාලීමට පියවර ගත් අතර ඕනෑම හදිසි තත්ත්වයකට මුහුහුණ දීමට නිලධාරීන් සූදානම් කොට සිටින නිසා බියට පත් නොවන ලෙස උපදෙස් ලබා දී තිබුණි. 







