පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සිය සැමියාට ක්රිකට් පිත්තකින් පහර දී මරා දැමූ කාන්තාවක් තිස්සමහාරාම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්ස පුර පදිංචි 42 හැවිරිදි කාන්තාවකි.
ඊයේ (17) රාත්රියේ සිය ස්වාමි පුරුෂයා සමග ඇති වූ බහින්බස් වීමක් අතර බිරිය විසින් ක්රිකට් පිත්තකින් සැමියාගේ හිසට දැඩි පහරක් එල්ල කර ඇත.
එම ප්රහාරයෙන් තුවාල ලද 47 හැවිරිදි සැමියා දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ. ප්රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මිය ගොස් ඇත.
අනතුරුව සැකකාරිය අත් අඩංගුවට ගත් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.







